(රන්ජන් කටුගම්පොල)
තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන මහින්ද සේනානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
කැලණිය වනවාසල පදිංචි මහින්ද සේනානායක මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් මැතිවරණ කොමිසම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති
නීතිඥ සම්පත් විජේවර්ධන මහතා විසින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේ සඳහන්වේ
පෙත්සමිකරු මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයෙකි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නැමති දේශපාලන පක්ෂයෙන් තරඟ වැදීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට සඳහා නාම යෝජනා පත්‍ර භාරදී තිබේ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාමනායක මහතා වරදකරු කොට 2022 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4 සිර දඬුවම් නියම කෙරිණි
පසුව ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුව ඔහු නිදහස් කෙරිණි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)අ 90 සහ 89( ඇ) යන වගන්තින් අනුව දඬුවම් ලැබූවකුට වසර 7 ප්‍රජා අයිතිය තහනමක් හිමි වේ
ඒ අනුව 2022 ජනවාරි 12 සිට 2028ජනවාරි 12 දක්වා රජරාමනායක මහතාට මැතිවරණයක් සඳහා තරග කිරීමට අයිතිවාසිකමක් නොමැත
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්