(සුජිත් හේවාජුලිගේ )
සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය.
රාමනායක මහතා පිළිබඳ සියලු නිර්දේශ වාර්තා තමා ජනාධිපතිවරයාට බාරදී අවසන් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර වරද සම්බන්ධයෙන් සමාව ගැනීමේ ලියවිල්ලකටද රංජන් රාමනායක මහතා පසුගියදා අත්සන් කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායක මහතාට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය.
ඒ 2021 වර්ෂයේ ජනවාරි 12 වැනිදාය.
මේ අනුව ඔහු වසර දෙකකට ආසන්න කාලයක් මේ වනවිට සිර දඬුවම් විඳ ඇත්තේය.
රන්ජන් රාමනායක මහතා ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පසුගිය කාලයේදී රජයෙන් ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
435
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්ජන් ලබන සතියේ නිදහස්
Gamini Saturday, 20 August 2022 05:42 AM
මෝඩ වැඩක්...!
Bamunuarachchi Saturday, 20 August 2022 07:15 AM
ඊට පස්සේ සප්ලයි එක පටන් ගනීවි නේද? කාටද සැප? එය අධිකරණය අවබාවිත කිරීම ඔහෙට පරශ්නයක් නොවෙයි නේද? ඔයකියන සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන කලාකරුවන් ඇතුළු විශාල පිරිසට අල්පොන්සොගේ හඬපට වලින් කියවුනුදේ ප්‍රශ්නයක් නොවෙයි නේද?
ලලිත් අම්බලන්ගොඩ Saturday, 20 August 2022 09:20 AM
ඔබ නිදහස් වී පැමිණ මේ අසික්කිත දේශපාලනය නතර කරන්න පෙරමුණ ගන්න. අසරණ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන්න ඔබට සැබෑ වුවමනාවක් තිබෙන බව මම පිළිගන්නවා. ඒත් ඔබ සටන් කරනනේ ඔබේම පිලේ රංචුවක් සමග බව අමතක කරන්න එපා. එමනිසා අඩුව තියෙද්දී අත පුච්චාගන්න එපා. කිසිවිටෙක අධිකරණයට අපහාස කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. එතැනට අත නොතියා ඔබ කටයුතු කරන්න. කොහොමත් ඔවුන් ඔක්කොම යාලුවොනේ මල්ලි. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නැහැ. දැන් ඔබ කළයුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. හිර ගෙදර ඔබ වැනි කෙනෙකුට ඉතාමත්ම ආරක්ෂිත තැනක්... නමුත් ඔබේ විචේචනයට ඉලක්කවන අය ඇතැම්විට ඔබේ ජීවිතය පවා විනාශ කරන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. මමත් අරගලයක් කරනවා. හැබැයි තනියම... මම මැදිහත් වෙලා අම්බලන්ගොඩ පාසල් ඉඩමක් බේරුවා. මම තව අරගලයක් කරනවා අම්බලන්ගොඩ දේශපාලකයන්ගෙන් තානායම් භූමිය බේරගන්න. කුඩා පාසල් වසා දැමීමත් මම බොහෝ දුරට නතර කළා. හැබැයි තනියම... ඒ නිසා දැන් ඉතින් ජීවිතේ ගැන කල්පනාවෙන් වැඩ කරන්න...
විපරමා Saturday, 20 August 2022 02:52 PM
රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවේ හිටපු පාලකයෝ. රටේ නීතිය ක්‍රියාත්මක වෙච්චි හැටිත් අපි නොදන්නවා නෙවෙයි .එහෙම උනානම් අද පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිතයෝ වැඩ් හරියක් ඉන්ඩ ඕනේ හිරේ. රන්ජන් ගැන තිබුනේ වෙනම එකක් .
BamunuarachchiSunday, 21 August 2022 06:17 AM
ඔව් ඔව් යුක්තිය, සාධාරණය හඬපට වලින් කියැවුණා. අන්තිමට අල්ලපු හොරෙක් නැහැ...
Kumara Saturday, 20 August 2022 07:21 PM
බොහොම හොඳයි..!
Aruna Saturday, 20 August 2022 09:02 PM
රටේ ලොකු ප්‍රශ්නයක් ඉවරයි... දැන් සැනසීමේ මැරෙන්න පුළුවන්...
ගමේ එකාලා Sunday, 21 August 2022 03:51 AM
රටම කාබාසීනියා කරපු දුශිත බලලෝබි දේසපාලුවෝ ,පවුල් පිටින් රටම හොරාකාපු එවුන් ,මිනිමරුවෝ පාතාලකාරයෝ ස්ත්‍ර්‍රි දූෂකයෝ නිදහසේ,නිදැල්ලේ ඉන්න රටක් .
gunarathna Sunday, 21 August 2022 09:16 AM
දැන් මල්ලි නඩුකාර මහත්වරුන් කවුරුත් නැතිද? ඔබතුමා එළියට එන්නේ උසාවියෙන් සමාව අරන්.. ඔය වැඩේ එදාම කළා නම් එදාම එළියේ... නේද මල්ලි... සිංහයෙක් වගේ ඇතුළට ගිහින්, සුනඛයෙක් වගේ ඉන්න පුළුවන් මල්ලි..!