
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර, 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් කේ.එච්.විල්ෆ්‍රඩ් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙතද පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ගන්දර පොලීසියට අමතරව, පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක කාලයකි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝනීගෙ ගෙදරට හොරු පනී
ෆ්ලැටියුලස් සිල්වා Wednesday, 06 March 2024 07:23 PM
ඉස්සර කිව්වේ රොනී පනී කියලා! දැන් රොනීගේ ගෙදරට හොරු පනී කියලා...!!
de silva Wednesday, 06 March 2024 08:10 PM
ලංකාවේ ඉන්න සුපිරිම හොරු සෙට්එකට මළගෙදරට ආරාධනා කළා. ඔවුන් ඒකට ගෝල බාලයෝ සමග සහභාගී වුණා. ඊට පස්සේ ඔයින් බේරුණා ඇති...!