
(යොහාන් භාසුර)
මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගිහි කථාව හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පවරා තිබේ.
“ගිහි කථා, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අවස්ථාව දිය යුතුය” ලෙස එහි සඳහන් වේ.
මෙම අන්තිම කැමති පත්‍රය 2020 වසරේ ජනවාරි මස 6 වැනිදා රුහුණු විශ්වවිද්‍යාලය මගින් රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් කේ. එච්. විල්ෆ්‍රඩ් මහතා වෙත යොමුකර තිබේ.
ඒ මහතා දේහය රැගත් රථ කොළඹ නිවසින් අද (29) පස්වරු 2.00 ට පිටත් වූ අතර දේහය පස්වරුවේ රුහුණු විහ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවමංගල කතාව මංගල ස්වර්ගයේදී පිළිගැනීමේ මංගල කතාවක් හැටියට කරාවි...
ගී කියන කන්දේ සිට රොනී හදපු අයවැය කාටත් හොඳටම මතකය ඔබට සුබ ගමන්.......