(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ලේ කෝටිපති ව්‍යාපාරික නිවසක් බිද රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කබර සුරේශ් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කියයි.
සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත
සැකකරුවන් අතර පිටකොටුවේ බබා නැමැති කාන්තාව ද වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන තිබූ දේපළ වලින් රන් මාල දෙකක්, මුදු දෙකක් ,පෙන්ඩන් දෙකක් හා උණු කරන ලද කැරට් 22 ගෑම් 22 ක රන් ගුලියක් කැරට් 18 ගෑම් 15 රන් ගුලියක් ,ස්ටර්ලිං පවුම් 50 මුදල් නෝට්ටු 17ක් 100 ඩොලර් නෝට්ටු 5 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
ඉකුත් වසරේ දෙසැම්බර් 10 වැනි දින කබර සුරේෂ් නැමැති සැකකරු බොරැල්ල කෝටිපති ව්‍යාපාරික නිවස බිඳ එම රන් භාණ්ඩ සහ මුදල් පිටකොටුවේ බබා නැමැති කාන්තාවට ලබාදී ඇති අතර සැකකාරිය විසින් රන් භාණ්ඩ රාගම ඒකල කැලණිය හා පිටකොටුව ප්‍රදේශවලට උගස් කර තිබූ බවත් විදේශීය මුදල් තොගය විදේශිකයන්ට මත් කුඩු සපයන ගයිඩ් නැමති පුද්ගලයා ට ලබාදුන් මාරු කරගෙන තිබූ බවට තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
එම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ මධුරංග නිලධාරීන්ට ලද තොරතුරු අනුව කිරුළපන සහ කොළඹ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී කෝටිපති ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කිරුළපන ප්‍රදේශයේ පදිංචි කබර සුරේෂ් නවතා සොරකම් ගණනාවකට සම්බන්ධව වසර දහයක් සිරගතව සිට ඉකුත් අගෝස්තු මස විසි දෙවැනි දින ඇප මත පැමිණ ඇති අතර දෙසැම්බර් 10 වැනි දින කෝටිපති ව්‍යාපාරික නිවස බිද දේපොළ සොරා ගෙන තිබූ බව කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරුවන් වයස අවුරුදු 42 46 හා 53 අතර පසුවන්නෝය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් සොරකමකට කබර සුරේෂ් ඇතුළු 3ක් අල්ලයි