(කේ බුද්ධික කුමාරසිරි)

දඹරන් සහ මැණික් යොදා ගනිමින් සකස් කල බවට සැක කෙරෙන දේව ප්‍රතිමාවක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි

ලද තොරතුරක් මත උපාය දූතයින් යොදවා සිදුකල විමර්ශණයකින් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අංගොඩ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි

විකිණීමට සැලසුම් කර තිබියදී සොයා ගැනීමට හැකි වූ අදාල දේව ප්‍රතිමාව පුරා විද්‍යා වටිනාකමක් සහිත වූවක්ද යන්න පරීක්ෂණ පැවැත්වීම සදහා එම පිළිමය  පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව වෙත භාර දීමට නියමිත බවත් මුල්ලේරියාව පොලිසිය මගින් පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය සඳහන් කරයි.