(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු කරල් 03 ක් ගුද මාර්ගයේ සගවා ගෙන ඉන්දියාවට යාමට පැමිණි ත්‍රීරෝද රථ රියැදුරකු අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
මොහු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි .
මොහු පිළිබඳව ඇති වූ සැකය මත මොහු එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කිරීමේ දී මෙසේ සිය ගුද මාර්ගයේ මෙම රත්තරන් ජෙල් ද්‍රාවණය අඩංගු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 280 බරැති කරල් 03 ක් ඇති බව අනාවරණය වී තිබේ .
මෙම ජෙල් ද්‍රාවණය රත්තරන් බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය දැනට කළාපීය වශයෙන් ඉන්දියාවේ පමණක් ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසූහ .
මෙම ජෙල් ද්‍රාවණය අඩංගු කරල් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ පිහිටි මැණික් සහ ස්වර්ණාභරණ කාර්යාලය වෙත යොමු කර තිබේ .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රන් ජෙල් පස්ස පැත්තේ ගසා ආ රෝද තුනේ රියැදුරා මාට්ටු
Prasanna Sunday, 20 August 2023 11:42 AM
වෙන්න බෑ... ඔය තාක්ෂණය අපෙන් තමයි ඉන්දියාවට යන්න ඇත්තේ... මෙහෙන් ජෙල් ගෙනියනවා නං මෙහෙම නේද ජෙල් හදන්නත් ඕනෙ... ඉතිං...