IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රන් ආලේපිත පිළිමයක් සොරාගත් දෙන්නෙක් දැලේ

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අඟුරුවාතොට අකුරුකළවිට ප්‍රදේශයේ දේවාලයකින්  අඩි තුනක පමණ උසකින් යුත් රන් ආලේපිත කරඬුවක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.

සැකකරුවන් සොරා ගෙන තිබූ කරඬුව හා එය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ගත් බොළරෝ වර්ගයේ ජීප් රථයද පොලිස් භාරයටගෙන ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර එම දේවාලයේ ජෝතිර්වේදියාගේ  මිතුරෙක්ද වන බව පොලිසිය කියයි. දේවාලයේ  අක්‍රිය වූ වායු සමිකරණ යන්ත්‍රය අලුත් වැඩියාව සඳහා රැගෙන යන ලෙස ජෝතිෂ්ත්‍රවේදියා සිය මිතුරාට පැවසීමෙන් අනතුරුව ඔහු තවත් පුද්ගලයකු සමග  බොලරෝ වර්ගයේ ජීප් රථයෙන් දේවාලය කරා පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී ජෝතිෂ්ත්‍රවේදියා දේවාලයේ සිට නැති අතර  පැමිණි පුද්ගලයා අනෙක් පුද්ගලයා සමග එක්ව ජීප් රථයේ දේවාලයේ තාප්පය අසලට ලං කර තාප්පය මතින් දේවාල භූමියට පැන දේවාලයට ඇතුළු වී රන් ආලේපිත කරඬුව සොරාගෙන කඹයක් ආධාරයෙන් එය තාප්පය මතින් උඩට ගෙන ජීප් රථයට පටවා රැගෙන ගොස් තිබිණි



අදහස් (0)

රන් ආලේපිත පිළිමයක් සොරාගත් දෙන්නෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 834 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2477 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site