(යොහාන් භාසුර)
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයකට මුහණ දී සිටින බවත් එසේ වුවද හදිසි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා රුධිර සංචිත පවතින බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගය හේතුවෙන් රුධිය සංචිතවල යම් අඩුවක් පවතින බව කී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිරය එකතු කරන ‘බෑග්’ වර්ග හතරෙන් එක බෑග් වර්ගයක පමණක් දැඩි හිඟයක් පවතින බව ද සඳහන් කළේය.
බෑග් ලබාදීමට සෞඛ්‍ය සැපයුම් අංශය ප්‍රමුඛතාව ලබාදීමට පොරොන්දු වී ඇති බවත් ඉතාම ඉක්මණින් බෑග් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයක්
Kumara Wednesday, 27 April 2022 01:57 PM
ඔය දොස්තරම හෙට කියයිද දන්නේ නෑ හිඟයක් නෑ කියලා...!
FAIROOS Wednesday, 27 April 2022 05:14 PM
රට බංකොලොත් කරපු මේ ආණ්ඩුවේ අයට හෙණ 7ම වදින්න ඕනේ...