
(යොහාන් භාසුර)
මෙම වසරේ පළමු මාස අට තුළ අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි වී ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.
එම මාස අටක කාලය තුළ වෙනත් වාර්ගවල වාහන 15,000 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියයි.
ත්‍රීරෝද රථ 2,093 ක් පසුගිය 2021 වසරේ ද, ත්‍රීරෝද රථ 7,150 ක් 2020 වසරේ ද, ත්‍රීරෝද රථ 15,490 ක් 2019 වසරේ ද, රට තුළ අතිශයින්ම සාමාන්‍ය වසරක් වූ 2018 වසරේ ත්‍රීරෝද රථ 20,063 ක් ද, ලියාපදිංචි කර තිබූ බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2011 වසරේ සිට 2020 වසර දක්වා වසරක නව ත්‍රීරෝද රථ ලියාපදිංචිය කිරීමේ සාමාන්‍ය 50,000 ක් ඉක්මවන බවත් වීරසිංහ මහතා කීය.
2011 වසර තුළ ලියාදිංචි කර තිබූ නව ත්‍රීරෝද රථ 138,426 වසරක් තුළ ඉහළම ත්‍රීරෝද රථ ලියාපදිංචි මෙන්ම 2015 වසරේ ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ 129,547 ට දෙවැනි ස්ථානය හිමිව ඇති බව කී නිශාන්ත වීරසිංහ මහතා වාහන ආනයනය දැඩිව සීමාකිරීම හේතුවෙන් නව ලියාපදිංචි අවම වී ඇතැයි ද සඳහන් කළේය.
රට තුළ මේ වන විට ලියාපදිංචි ත්‍රීරෝද රථ 1,184,339 ක් ඇති අතර ලියාපදිංචි යතුරුපැදි 4,833,928 ක් තිබේ යැයි මොරටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි. මෙම වසරේ අවසන් මාස අට තුළ යතුරුපැදි 6,209 ක් ලියාපදිංචි කර ඇති අතර කාර් රථ 964 ක් පමණක් ලියාපදිංචි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ගෙන්නන එක තහනම් කරාට පස්සේ අලුතෙන් ලියාපදිංචි කරන්න වාහන කොහෙන් එන්නද..?
දැන් තියෙන තත්වයට ත්‍රිරෝද රථයක් ගන්නවා කියන්නේ ඉතින් සිහිනයක් විතරයි. මේ කාලකණ්ණි ආණ්ඩුව රට නැත්තටම නැතිකළා...
ත්‍රිරෝද රථ ලියා පදිංචි කරන අංශයේ අයටත් සෑහෙන පාඩුවක් තමා.
රටේ ජනතාවගෙන් 5% රෝද තුනේ පුටුව රත් කරනවා. චීන්නු, ඉන්දියන්, බංගලි, මියන්මාර්, ඉන්දුනීසියානු සේවකයින් කර්මාන්ත, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරනව. මේ අයගේ පඩි ගෙවන්නෙත් ඩොලර් වලින්. රජය දැඩි තීරණයක් ගතයුතුමයි. ත්‍රී වීල් එලවන වයස් සීමාව 45 කලයුතුමයි