IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රෝද තුන ලියාපදිංචිය දශමයට බහී

(යොහාන් භාසුර)

මෙම වසරේ පළමු මාස අට තුළ අලුතින්  ත්‍රිරෝද රථ ලියාපදිංචි වී ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

එම මාස අටක කාලය තුළ වෙනත් වාර්ගවල වාහන 15,000 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ද  මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියයි.

ත්‍රීරෝද රථ 2,093 ක් පසුගිය 2021 වසරේ ද, ත්‍රීරෝද රථ 7,150 ක් 2020 වසරේ ද, ත්‍රීරෝද රථ 15,490 ක් 2019 වසරේ ද, රට තුළ අතිශයින්ම සාමාන්‍ය වසරක් වූ 2018 වසරේ ත්‍රීරෝද රථ 20,063 ක් ද, ලියාපදිංචි කර තිබූ බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2011 වසරේ සිට 2020 වසර දක්වා වසරක නව ත්‍රීරෝද රථ ලියාපදිංචිය කිරීමේ සාමාන්‍ය 50,000 ක් ඉක්මවන බවත් වීරසිංහ මහතා කීය.

2011 වසර තුළ ලියාදිංචි කර තිබූ නව ත්‍රීරෝද රථ 138,426 වසරක් තුළ ඉහළම ත්‍රීරෝද රථ ලියාපදිංචි මෙන්ම 2015 වසරේ ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ 129,547 ට දෙවැනි ස්ථානය හිමිව ඇති බව කී නිශාන්ත වීරසිංහ මහතා වාහන ආනයනය දැඩිව සීමාකිරීම හේතුවෙන් නව ලියාපදිංචි අවම වී ඇතැයි ද සඳහන් කළේය.

රට තුළ මේ වන විට ලියාපදිංචි ත්‍රීරෝද රථ 1,184,339 ක් ඇති අතර ලියාපදිංචි යතුරුපැදි 4,833,928 ක් තිබේ යැයි මොරටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි. මෙම වසරේ අවසන් මාස අට තුළ යතුරුපැදි 6,209 ක් ලියාපදිංචි කර ඇති අතර කාර් රථ 964 ක් පමණක් ලියාපදිංචි කර තිබේ.

 



අදහස් (7)

රෝද තුන ලියාපදිංචිය දශමයට බහී

Buddhika Monday, 19 September 2022 05:52 PM

වාහන ගෙන්නන එක තහනම් කරාට පස්සේ අලුතෙන් ලියාපදිංචි කරන්න වාහන කොහෙන් එන්නද..?

:       2       15

චන්දන Tuesday, 20 September 2022 12:29 PM

ඇත්ත. මේකට පිළිතුරක් අවශ්‍යයි. වාහන ගෙන්වන්න තහනම්. එහෙනම් මේවා ආවේ කොහෙන්ද?

:       0       0

fairoos Monday, 19 September 2022 06:13 PM

දැන් තියෙන තත්වයට ත්‍රිරෝද රථයක් ගන්නවා කියන්නේ ඉතින් සිහිනයක් විතරයි. මේ කාලකණ්ණි ආණ්ඩුව රට නැත්තටම නැතිකළා...

:       17       17

NuwanTuesday, 20 September 2022 02:14 AM

අප්සට් නම් නෙළුම් කුළුන නගින්න යන්න අයියෝ. ඔයා කියන කිසි අවුලක් නැහැ. ඊට පස්සේ ඒක නැග්ගම තව්තිසාවටත් ලගයි. ත්‍රීවිල් කටු වල නැගලා බෙල්ල කඩාගන්නවට වඩා ඒක කොච්චර සැපද?

:       0       2

විපරමා Monday, 19 September 2022 10:24 PM

ත්‍රිරෝද රථ ලියා පදිංචි කරන අංශයේ අයටත් සෑහෙන පාඩුවක් තමා.

:       0       1

SL Tuesday, 20 September 2022 08:03 AM

රටේ ජනතාවගෙන් 5% රෝද තුනේ පුටුව රත් කරනවා. චීන්නු, ඉන්දියන්, බංගලි, මියන්මාර්, ඉන්දුනීසියානු සේවකයින් කර්මාන්ත, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරනව. මේ අයගේ පඩි ගෙවන්නෙත් ඩොලර් වලින්. රජය දැඩි තීරණයක් ගතයුතුමයි. ත්‍රී වීල් එලවන වයස් සීමාව 45 කලයුතුමයි

:       0       14

සොරිසේනTuesday, 20 September 2022 12:54 PM

වයස අවුරුදු 45ට වැඩි, වසර 10කට වඩා බර වාහන රියදුරු බලපත්‍ර හිමි අයට පමණක් ත්‍රිරෝද පැදවීමට අවසර දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site