IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රතුලූනු වගාවට නොමිලේ රක්ෂණාවරණයක්

(අංජුල මහික වීරරත්න)

 රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් බෝග වර්ග 06ක් සඳහා නොමිලයේ කෘෂි රක්ෂණ ආවරණයක් ලබා දී තිබේ. වී, මිරිස්, ලොකුලූනු, අර්තාපල්, බඩඉරිඟු හා සෝයා එම බෝග වර්ගයි.

 මෙම රක්ෂණාවරණය ලබා දී තිබෙන්නේ වන අලින්ගෙන් සිදුවන වගා හානි, නියඟය සහ අධික වැස්ස හේතුවෙන් ඇතිවන වගා හානි සඳහා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව රතුලූනු වගාවේදී ඉහත කී කරුණු අනුව වගා හානි සිදු වන්නේ නම්, එම ගොවීන්ට ද නොමිලයේ වන්දි මුදලක් ලබා දීම සඳහා වගා රක්ෂණ බෝග අතරට රතුලූනු වගාව ද එකතු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.



අදහස් (0)

රතුලූනු වගාවට නොමිලේ රක්ෂණාවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site