(සුජිත් හේවාජුලිගේ )
බැංකු වලට සහ උකස් මධ්‍යස්ථානවලට පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සින්නවී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ග වලින් පැවසේ.
උකස් කෙරුණු ස්වර්ණාභරණ බොහෝ දෙනෙකුගේ අත මුදල් නොමැතිවීම නිසා යනාදී හේතු නිසා මෙලෙස සින්නවී ඇති බව පවසන එම ආරංචි මාර්ග ස්වර්ණාභරණ සින්නවීම් වැඩිවන ප්‍රවණතාවයක් මතුව ඇතැයිද ප්‍රකාශ කළේය.
රට පුරා ලක්ෂ 40 ක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි 19,300 කට වැඩි වටිනා කනකර ආභරණ ප්‍රමාණයක් බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට උකස් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd