(මොහොමඩ් ආසික්)
බස් රථවලට දවල් කාලයේ අයකරන ගාස්තුවට වඩා යම් ප්‍රමාණයක වැඩි ගාස්තුවක් අය කරන පදනම මත හෝ රාත්‍රී බස් සේවය ආරම්භ කරන බව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය.
මහනුවරදී ඊයේ (13) සවස පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දිලුම් අමුණුගම මහතා එසේ කීය.
‘‘රාත්‍රී කාලයේ ධාවනය වූ බස්සේවාව දැනට ධාවනය නොවීම හේතුවෙන් ජනතවාව දැඩි දුෂ්කරතාවයට මුහුණ දී සිටින බව ඔවුහු නිතර අප සමඟ ප්‍රකාශ කරනවා. රාත්‍රී කාලයේ සේවය හැර නිවෙස්වලට යන බොහෝ දෙනෙකු රුපියල් සිය ගණනක් දී ත්‍රී රෝද රථයකින් තමන්ගේ නිවසට යනවා. මෙය ඔවුන්ට දරා ගත නොහැකි විශාල වියදමක්. ඒ නිසා බස් රථවලට සාමාන්‍යයෙන් දවල් කාලයේ අය කරනු ලබන ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් අය කර ගැනීමේ පදනම මත හෝ රාත්‍රී කාලයේ බස් සේවාව ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගන්නවා.‘‘ යැයි වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක් අයකරලා හරි කියනවා වගේම වැඩේ කෙරුණොත් නම් ලොකුදෙයක්..
ඒක හොඳයි. එකම දේ තමයි මේක අනික් රටවලටත් හඳුන්වා දීම...
අවුරුදු ගණනාවකට කළින් කළ යුතුව තිබූ දෙයක්.
ත්‍රි රෝද රථ සඳහා ස්ථාවර මීටර සවිකරන්න. මේක මාෆියාවක්..
ලංකාවේ හැර අනික් රටවල බසු දුම්රිය ඇතුළු සියලුම සේවා තිබෙනවා.
අයකිරීම්වලට වඩා අවධානය යොමු විය යුත්තේ කුමන මාර්ග මේ සඳහා තෝරා ගන්නවද යන්නයි. විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගවල රාත්‍රී කාලයේ බස් රථ දැනටමත් ධාවනය කළත් ඒවා දුර ගමන් සේවා සපයන බස් හෝ සුඛෝපභෝගී බස් රථ වීම නිසා මගීන් නංවාගැනීමට නැවැත්වීමට අකමැත්තක් තියෙනවා. එය මගීන් හට සිදුවන අසාධාරණයක්. කොහොම වුණත් මූලිකවම මෙය ආරම්භ කිරීම පක්ෂ පාට භේදයකින් තොරවම අගය කළ යුත්තක්...
මුලින්ම මිනිස්සුන්ගේ ආහාරපානවල මිල අඩුකරන්න. මොනවා කළත් කාලා ඉන්න ඕනේ..
ඔය වගේම බස් රියදුරන්ට විනීතව රිය පදවන්න පුහුණු කළොත් ගොඩක් හොඳයි. පාරේ ගමන්කරන වෙන කිසිම වාහනයක් ගැන තැකීමක් නැහැ. ගාල කඩාගත්ත හරක් වගේ පාරේ යන්නේ.
කොච්චර හොඳ වැඩක් ද .. කොළබ කතරගම ඕනෑවෙලාවක බස් තියනවා ..අත්දැකීමෙන් කියන්නේ .නමුත් අනිත් පළාත් වල එසේ නෑ .
අනේ ඔබතුමාට පින් සිද්ධ වෙයි. මගී බස්වල කරච්චල් සංගීත හා චිත්‍රපට දර්ශන පෙන්වන එක නවත්වන්න වැඩපිළිවෙලක් යොදන්න. මේ කරච්චලේ නිසා බස් එකක පාඩුවේ ගමනක් යන්න නෑ. කන් අගුළු වැටෙනවා. මේක ජාතික අපරාධයක්...
කිව්වත් නැතත් ගාණ නම් අයකර ගනියි. රාත්‍රී සේවයට මත්ද්‍රව්‍ය වලින් තොර කොන්දොස්තරයි රියදුරයි හොයා ගන්න පුළුවන් ද හිතක් පපුවක් නැහැ වාහනය අතට ගත්තම. දවල්ට වෙන අනතුරු කොහොමද රාත්‍රීයට කොහොම වෙයිද ගැහැණු දරුවෙකුට පියා සමගවත් යන්න පුළුවන් වෙයිද. අධිකරණයෙන් දඩුවම් නීති මාලාවක් අරගෙන වැඩේට බහින්න
රෑකටවත් වාහනේක යන්න බැරි වෙනවා. ඔය බස් අනික් වාහන මගීන්, පදිකයන් ගැන කිසිම තැකීමක් නැහැ
ඊටත් කලින්නේ මහින්දගේ භීෂණ කාලයේ ගෝල්ෆේස් එක හමුදා මූලස්ථානේ ශැන්ග්‍රිලා හෝටලය හදන්න චීනාට විකුණලා දැම්මේ... බොරුද..? කොළඹ වරාය නගරය චීනාට සින්නක්කරව විකුණලා තිබුනේ... නමුත් රනිල්ලාගේ ආණ්ඩුව එ්ක අවුරුදු 99 බදු ක්‍රමයකට හරවා ගත්තා. මට පෙනෙන විදිහට මේ බමුණා ඇවිල්ලා වහලෙක්...
රාත්‍රී බස් රථ සඳහා සුවපහසු බස් රථ (AC) අර්ධ සුඛෝපබෝගී බස් ගමන් ගාස්තුවේ මිලට ලබාදීම සුදුසු බවයි. සෑම පුද්ගලයකුම දුර ගමන් සේවා බස් රථයක පැය 05කට වඩා ගමන් කරනවා. දැනට ඇති ශ්‍රී ලංගම බස් රථ තුළ ගමන් කරන විට සිදුවන ඇඟට අපහසුව ඉතාමත් වැඩියි.