(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්මි කුඩලිගම)
රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අඟුරුවාතොට කෙසෙල්හේනාව ඇළ මාර්ගයක දමා ගොස් තිබියදී හමුවූ බව පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ රත්මලාන අරලිය මාවත පදිංචිව සිටි අනුර දේශප්‍රිය සිල්වා නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා වෙළඳසැල තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණ තිබූ වෙඩික්කරුවන් පිස්තෝල අවියකින් වෙඩි තබා පළා ගොස් තිබිණි .
බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි
යතුරුපැදියක් ඇළ මාර්ගයක තිබෙන බවට පොලිසියට ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරකට අනුව යතුරුපැදිය සොයාගෙන තිබිණි.
යතුරු පැදියේ චැසි අංකය හා එන්ජින් අංකය මකා තිබූ අතර ඉදිරිපස ලියාපදිංචි අංක තහඩුව පමණක් තිබු බව පොලිසිය කියයි.
එම ලියා පදිංචි අංකය කුරුණෑගල පදිංචිකරුට අයත් එකක් බවත්, එයද ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට බොහෝ දුරට සැක කළ හැකි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රත්මලාන වෙඩික්කරු ආ යතුරු පැදිය අඟුරුවාතොට ඇළකට දමලා