IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රත්නපුරයට ගංවතුර

(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)

පැවති අධික වැසි හේතුවෙන් කලූ ගඟේ ජල මට්ටම අද දහවල් 02.00 පමණ වනවිට සුලූ ගංවතුර මට්ටමකට ළඟාවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කලූ ගඟේ ජල මට්ටම පෙරවරු 11.00ට පමණ පිටාර සීමාව වූ අඩි දාහත ඉක්මවීය.

මීට අමතරව කුරු, දෙනවක්, වේ, සහ නිරිඇලි යන ගංගාවල ජල මට්ටම් ද 01දා දහවල් සීග‍්‍රයෙන් ඉහළ ගියේය. කුරු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් කුරුවිට සිට එරත්න දක්වා දිවෙන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවිය. කුරුවිට පාතගම පාර ද ස්ථාන කිහිපයකින් ජලය යටවී වාහන ගමනාගමනයට බාධා එල්ල විය.

කලූ ගඟ පිටාර යාමෙන් රත්නපුර සහ අවට ප‍්‍රදේශවල සුලූ ගංවතුර තත්ත්වයක් ඇතිවිය. ප‍්‍රදේශ රැසක පහත්බිම් ජලයෙන් යටවිය. කුඹුරු ඉඩම් ද විශාල ප‍්‍රමාණයක් ජලයෙන් යටවිය. කලවාන කුකුළේ ගඟේ ජලමට්ටමද ඉහළ යමින් පැවතුනි.

ගංගා ඇළදොල ආසන්නයේ සහ නායයාමේ අවදානම් ප‍්‍රදේශවල ජනතාවට අවදානයෙන් පසුවන ලෙස රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරිය දැනුම් දුන්නාය.

රත්නපුර නගරයේ පැරණි පෞද්ගලික බස් රථ ගාල තිබූ ස්ථාණය, රත්නපුර නාගරික ක්‍රිඩාපිටිය,රත්නපුර මුවගම මාර්ගය ,රත්නපුර බටුගෙදර,දිමියාව සහ දම්බුළුවන ප්‍රදේශවල පහත් බ්ම් රැසක් සහ අතුරු මාර්ග ගංවතුරෙන් යටවි තිබේ . රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ ස්ථාන කිපයකට පස් කදු කඩාවැටීමෙන් අවහිරව ඇතැයි ද රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

කළු ගං දොණියේ පැල්මඩුල්ල ,නිවිතිගල ,රත්නපුර ,ඇලපාත ,කුරුවිට සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ගංවතුර තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම පහත්බ්ම් වල පදිංචිකරුවන් ආරක්ෂිත පියවර ගන්නා ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය දැනුම් දිමක් කර තිබේ



අදහස් (1)

රත්නපුරයට ගංවතුර

Weerasingha Sunday, 02 June 2024 06:04 PM

රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලෙසට වසන්ත ගුනරත්න මහතා කටයුතු කරන නිසා දිස්ත්‍රික් ලේකම්වරිය දැනුම් දුන්නා කියන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site