IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රත්නපුරට හා මාතරට ගංවතුර අවදානමක්

(ඩයනා උදයංගනී)

පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කළු ගඟ පිටාර තැන්නට ආසන්න පහත් බිම්වලත්, නිල්වලා ගඟේ ධාරා ප්‍රදේශයන්ට ලැබුණු වර්ෂාපතයට හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ,  තිහගොඩ, මාතර, කඹුරුපිටිය, මුලටියන සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පහත්බිම්වලත් ඉදිරි පැය 24ක කාලයේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් ඒ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ඒ හරහා ගමන් කරන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.



අදහස් (0)

රත්නපුරට හා මාතරට ගංවතුර අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site