IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රත්නපුර මහාධිකරණය අසලදී ඇසිඩ් ප්‍රහාරයක් :5ක් රෝහලේ

(තුෂාර හෙට්ටිආරච්චි සහ අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන ඒල්ල වු ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට  ඇතුළත් කර ඇතැයි රත්නපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ  නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයකු ඔහුගේ බිරිද සහ මාර්ගයේ ගමන් කරමින් සිටි  දරු තිදෙනෙක් බව පොලීසිය කියයි.

ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 2023 වසරේ අප්‍රේල් 23 දින රත්නපුර නව නගරයේ දී සිදු වූ මාරක රිය අනතුරක  ප්‍රධාන වග උත්තරකරු බවට හඳුනා ගෙන ඇතැයි පොලීසිය කියයි.

නඩුව සඳහා පෙනී සිටීමට පැමිණෙමින් සිටි  අවස්ථාවේ මෙම ප්‍රහාරය සිදුව තිබේ.  ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාල රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



අදහස් (2)

රත්නපුර මහාධිකරණය අසලදී ඇසිඩ් ප්‍රහාරයක් :5ක් රෝහලේ

kotiya Wednesday, 06 March 2024 10:43 PM

නඩු විසඳීම කල් යෑමේ ප්‍රතිවිපාක. දැන් මිනිස්සු නීතීය තමන්ගේ අතට ගන්නවා. ඇයි ඉතින් නඩුව අහලා ඉවර කරන්නම අවුරුදු 25ක් විතර යනවානේ...!

:       0       0

Perera Thursday, 07 March 2024 03:15 AM

නීතියේ ආධිපත්‍යය පිරිහුණු විට මිනිස්සු නීතිය අතට ගන්න පෙළඹෙනවා. මෙය ඊට නිදසුනක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site