(අජිත්ලාල් ශාන්තඋදය )
රුපියල් ලක්‍ෂ තිස් අටක විදුලි බිලක් නොගෙවීම නිසා මේ වනවිට රත්නපුර මහ නගර සභා බලසීමාවේ මාර්ග ඇතුලු පොදු විදුලිපහන් වලට සපයන විදුලිය විසන්ධි කර ඇත.
නගරයේ ප්‍රධාන වීදි මෙන්ම නගර සභා බල සීමාවේ අතුරු පාරවල් වලද වීදි පහන් නොදැල්වෙන නිසා ව්‍යපාරික ආයතන වල නාමපුවරු සහ ව්‍යපාරික ස්ථාන සහ නිවෙස් වලින් දැල්වෙන විදුලි පහන් වලින් පමණක් නගරයට ආලෝකය ලැබෙන බව නගරවාසීහූ කියති.
මේ සම්බන්‍ධයෙන් පසුගියදා පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමට නාගරික කොමසාරිස්වරයා ද මේ බව දැනුම් දුන්නේ ය.
එහිදී කමිටුවේ සම සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිළ එල්ලාවල මහතා පැවසුවේ පළාත් පාලන ආයතන වලට ආදායම් ලැබෙන්නේ බදු ආදායමෙන් බවයි. නමුත් වර්තමානයේ ඉහළ විදුලි බිලක් ගෙවීමට පළාත් පාලන ආයතන වලට හැකියාවක් නැති බව යි.
පලාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පැවසුවේ ජනතාවට අයිති වතුරටික විදුලිය නිපදවන්න විදුලි බල මණ්ඩලයට නොමිලේ ලබාදුන්න ද විදුලි බලමණ්ඩලයෙන් පොදු සේවාවන් නොමිලේ නොදෙන බවයි. ඒ සම්බන්‍ධයෙන් වහාම සොයා බලන බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමැති වරුන්ගේ ගෙවල්වල විදුලිය විසන්ධි කරන්නේ නැත්තේ ඒවායේ බිල මිලියන ගණන් නිසාද?
ජලය ලැබෙන්නේ නොමිලේ වන්න පුළුවන්... නමුත් ජලවිදුලිය නිපදවීමේදී වෙනත් වියදම් බොහෝමයක් තිබෙනවා. අනෙක ජල විදුලිය පමණක් ප්‍රමාණවත් මදි... මේ අයට ඕවා තේරෙන්නේ නෑ...
බංකොළොත් රටවල් වල ඔහොම තමයි...!
ණය ගැනීමත්, විකිණීමත් හැර වෙනත් විකල්ප නැති පාලකයින්ට මේවා දැකිය නොහැකිය...
සියලුම විදුලි බල්බ සූර්ය පැනල මගින් ක්‍රියා කිරීමට සලසන්න අකිල .තව කතා එපා.