(සුජිත් හේවාජුලිගේ )
රත්නපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන් 1336 දෙනකු තීව්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මෙයින් දරුවන් 838 දෙනෙකු ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන පවුල්වල අය බව පැවසූ මන්ත්‍රීවරයා රක්තහීනතාවයෙන් (ලේ හිඟ කමින්) පෙළෙන ගැබිනි මවුවරුන් 4351 දෙනකුද දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි ප්‍රකාශ කළේය.
තීව්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් හමුවී ඇත්තේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනි. එම දරුවන් සංඛ්‍යාව 315 කි.
මීට අමතරව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මන්දපෝෂිත දරුවන් 148 දෙනකුද කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 121 දෙනකුද පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 105 දෙනකද කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 98 දෙනකුද නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 87 දෙනකුද ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 83 දෙනෙකුද ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 66 දෙනකුද අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 63 දෙනකුද බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් පනස් දෙදෙනෙකුද හමුවී ඇති බව ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.
මෙම තත්වයෙන් දරුවන් මුදවා ගැනීම සඳහා මන්ත්‍රීවරයකු ලෙස දානපතියන් හා එක්ව තමා උපරිම වශයෙන් කටයුතු කරමින් සිටියත් එය ප්‍රමාණවත් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රත්නපුරයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්වය ගැන වහා අවධානය යොමු කර ප්‍රශ්නය විසඳීම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කළේය.
මන්දපෝෂණ තත්වයන්ගෙන් පෙළෙන රත්නපුරේ දරුවන් පිළිබඳ මෙම වාර්තාව පළාතේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි කරුණාරත්න මහත්මියට දැනටමත් බාර දෙනු ලැබ ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපිට ඕවා පේන්නේ චන්දේ ලං වෙනකොටද නරියෝ
ගණන් හද හද ඉන්න...
ඉතින් ඔයාලා එකතුවෙලා 2019 ජනාධිපතිවරණය සඳහා ඇටවූ උගුලේ සෞභාග්‍යය තමයි ඔය තියෙන්නේ දැන් ඕවා කියලා වැඩක් නැහැ. රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා අස්වෙලා යන්නකෝ...!
ඇයි අර අටවන පින පම්පොරි ගහන්නෙ උද්නය මාසෙකට 3% ගානෙ බැහැලාය. . රට ගොඩ නැගීගෙන එනවාය එකය මෙකය කිය කිය?? කොහොමද එතකොට දරුවන්ට මන්ද පොෂනය හැදෙන්නෙ? තමන් විසින් තමන්ව ම නිරුවත් කර ගන්න පිස්සො ඉන්න රටක් තියෙනව නම්. .එ මෙ රට විතරයි...