(නාලක සංජීව දහනායක)
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අතුරලියේ රතන හිමි විසින් ආරම්භකළ මාරාන්තික උපවාසය හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යටපත් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වූ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශකර තිබේ.
ඉන් ප්‍රයෝජන ගත් ආණ්ඩුව විශ්වාසභංගය මඟ හැර ගියබවත්, රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තම නිවරදි බව ඔප්පු කිරීමට උත්සාහගත් බවත් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසා ඇත.
ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය අනුව සිදුකළ යුතු සුදුසුම ක්‍රියාව තමන් කළ බවත් එය හොඳ හිතින් කළ දෙයක් බවත් අතුරලියේ රතන හිමියෝ එහිදී පවසා තිබේ.
එහෙත් මාරාන්තික උපාවාසය හේතුවෙන් ආණ්ඩුව පරාජය කිරීමට තිබූ අවස්ථාව මඟ හැරුණ බව අලුත්ගමගේ මන්ත්‍රීවරයා නැවතත් ප්‍රකාශ කර ඇත. ඊට අමතරව අනෙක් මන්ත්‍රීවරුන්ද උපවාසයට එරෙහිව අදහස් දැක්වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
දිගින් දිගටම ඇදී යන මෙම වාදය නතර කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාටද මැදිහත්වීමට සිදුව ඇත.
පසුගිය දේවල් කතා කිරීමෙන් තේරුමක් නැති බවත්, ඉදිරියේදී කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් විපක්ෂනායකවරයා පවසා තිබේ.
ඒ සමඟම අතුරලියේ රතන හිමියෝ රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර ඇති අතර එසේ නොකරන ලෙසට විපක්ෂනායකවරයා උන්වහන්සේගෙන් ඉල්ලීමක්ද කර ඇත.
එහෙත් උන්වහන්සේ ඒ පිළිබඳව තැකීමක් නොකර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් ඉවත්ව ගිය බවද වාර්තාවේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (09) පෙරවරු 11.00 පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 දී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
ජනාතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහය දීමටද මන්ත්‍රී කණ්ඩායම එහිදී තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි හාමුදුරුවනේ.. නගින්න දීපු ඉනිමගට පයින් ගැහුවාම මෙහෙම වෙනවා.
හාමුදුරුවනේ බල්ලොත් එක්ක ලැග්ගම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා කියලා අාසානැද්ද?
රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන්න එම අවස්ථාවේ විපක්ෂයකටවත් පාර්ලිමේන්තුවේ බහුතරයකටවත් කිසිම වුවමනාවක් තිබුනේ නැහැ. එහෙම තිබුණා නම් අර හිතාමතාම වැරදියට දිනය දමලා කතානායකට දීපු විශ්වාස භංග යෝජනාවට වත් විපක්ෂනායක අත්සන් කරන්න ඕනෑනේ? හැමෝම හිටියේ රිෂාද්ගේ ඡන්ද කුට්ටියට කෙල හලමින්, ප්‍රහාරයෙන් මිය ගිය මිනිස්සු වෙනුවෙන් සහ හිස්බුල්ලාගේ ෂරියා විශ්ව විද්‍යාලය වසාදැමීම වෙනුවෙන් අවංකව පෙනී සිටි කිහිප දෙනාගෙන් කෙනෙක් රතන හාමුදුරුවෝ, අලුත්ගමගේලා, මහින්ද මහත්මයලා දැන් බොරුවට උඩ පැන්නට, රිෂාද්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවා නම් එදාට මේ ගොල්ලන් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව මගහැරලා යනවා. ජනතාව ඔය කාගේ කාගේත් කෙරුවාව ගැන විපරමින් ඉන්නේ...
බලේට ඔච්චර කෑදරවෙන්න එපා... ආනන්ද, රතන හාමුදුරුවෝ උපවාස කලේ රටගැන හිතලා, නැත්නම් අදටත් රිෂාඩ්, හිස්බුල්ලා, අසාද් ඇමතිලා. අර නාගානන්ද මහත්මයා කිව්වා වගේ ප්‍රදාන පක්ෂ දෙකම සුළුතර මුස්ලිම් ඡන්ද බලාගෙන රට පාවාදෙනවා.
අහෝ ! ලබන සැරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය....!
රතන හාමුදුරුවෝ උපවාස කලේ ඊළඟ ඡන්දෙදී ආයේ සැරයක් උන්වහන්සේට පාර්ලිමේන්තුවට වැඩම කරන්න ...!
ගිහියන්ගෙන් වැඳුම් ලබන්න ඕනෑ භික්ෂූන් ගිහියන් සමග ගැටෙනවා.. අනේ කාලේ වනේ වාසේ..
උතුම් බුදුදහම රකින්න ඉන්න භික්ෂූන් වහන්සේලා එක පැත්තකින් තියලා දේශපාලනය කරද්දී නැතිවන්නේ තමන්ගේම ගරුත්වය. දණ නමස්කාර කරලා වැඳුම් ලබන භික්ෂුවට මෙහෙම මෙහෙම වෙන්නේ තමන්ගේ අරමුණින්, මාර්ගයෙන් බැහැරව ගිය නිසයි. මේ නිසාම වෙන්නේ ඔබ වහන්සේගේ සසර තව දික්වීම නේද? වෛරය, ක්‍රෝධය වපුරන දේශපාලනය තුළ වංචාව, බොරුව රජවෙලා.. අනික බල්ලොත් එක්ක නිදාගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ. ඒ වගේම තමයි කුම්බලා මාළු කෑවාම දුක විඳින්නම වෙනවනේ...
මේක එක්සත් ජනතා නිදහස් සන්ධානේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්... නමුත් මෙතන ගැටුනේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු ගිය දෙදෙනා...
රට, ජාතිය ගැන හිතලා භික්ෂුවට උපවාස කරන්න නොවේ... බුදුන් නම් වදාළේ.. සත්වයා ශීලයේ පිහිටුවන්න කටයුතු කරන්න කියායි.
බුදුදහම අදහන්නත් රට ජාතිය රැකිලා තියෙන්න ඕනේ.
ලබන සැරේ ජාතික ලැයිස්තුව මුන්වහන්සේට මන්ත්‍රී ධුරය ආයෙත් කිසිඳු පක්ෂයකින් දෙන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය ඔවුනට ලබාදෙන්න.
රතන හාමුදුරුවෝ ස්වාධීනව ඉල්ලුවත්, පාර්ලිමේන්තු යන්න පුළුවන්, කොහොමත් මුස්ලිම් ඡන්දවලට කෑදරවෙලා මහා පක්ෂ පසුගිය මාස 2 හැසිරුණ ආකාරය ගැන ජනතාව ඉන්නේ කලකිරීමෙන්... ඔබවහන්සේ ඔය මහා පක්ෂවල පස්සේ යන්නේ නැතිව අවංක, උගත්, රටට ආදරය කරන කිහිප දෙනෙකු සමග කොළඹින් ස්වාධීන කණ්ඩායමක් සමග මැතිවරණයට ඉදිරිපත් වෙන්න...
අලුත්ගමගේලා දේශපාලනයෙන් හරි හම්බු කරගත් බව මුළුරටම දන්නවා.