
(යොහාන් භාසුර සහ පද්මා කුමාර කංකානම්ගේ)
නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල රත්තරන් කිලෝග්‍රෑම් 8 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය කලපුවේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (12) කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්තරන් කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් භාරයට ගත් බවත් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය ක්‍රියාත්මක කළ එම මෙහෙයුමේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල පාර්සල් හතරක අසුරන ලද රත්තරන් තොගය සොයා ගත් බව ද නාවික හමුදාව සඳහන් කළේය.
මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 ක් සහ 42 ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා, රත්තරන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තරන් කිලෝ 8 ක් කල්පිටි මුහුදෙන් අල්ලයි
ඉන්දික Thursday, 13 July 2023 08:31 AM
ප්‍රශ්නයක් කරගන්න එපා මන්ත්‍රී වජිර අබේවර්දනට කියලා අබියචනයක් ඉල්ලගන්න. සියල්ල නිදහස්