(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු වන නිලධාරීයා හා පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සැකකාර බීට්ටු වන නිලධාරියා අදාල වනාන්තරය තුළ සිරුරු පුලුස්සා දැමිය යුතු ස්ථානය පෙන්වා දීම මෙන්ම ඊට ආධාර අනුබල දීමද සිදු කර ඇති බව රහස් පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත.
එම සැකකරු මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ පසුවන පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නැමැත්තාගේ මිතුරකු බවද අනාවරණයවී තිබේ.
දික්වැල්ල වේහැල්ලේ පදිංචි එම 39 හැවිරිදි එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හෙට (04) දිනගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ අතර මෙම අපරාධය අනාවරණය වීමත් සමඟ සැඟවී සිටිබව කියන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බාරවීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණ නියෝග මත පැය 48 ක කාලයක් ඔහු රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන අවස්ථාවේදී අදාල ව්‍යාපාරිකයින් දෙදෙනාට අයත් බව කියන ජංගම දුරකතන තුන දික්වැල්ල ප්‍රදේශයේ කලපුවකට විසි කර ඇති බව ප්‍රකාශකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න රජයේ නිලධාරින්ගෙන් 99% පගාව, වංචාව, හොරකම, දුෂණය අනිවාර්යයෙන්ම කරනවා. කරන වැරදි අහුවුනොත් ඒකෙන් ගැලවිලා යන්න පුළුවන් නිසා පොලිස් නිලධාරීන් ලගින් ආශ්‍රය කරනවා. ඔක්කොම එකතුවෙලා විවිධ ජාවාරම් හොරකම් බය නැතුව කරනවා. මේ රට ගොඩගැනීම ගැන බලාපොරොත්තු තබාගැනීමට බැහැ
ඉතාම කෘර අපරාධයක් ..මෙය ජනතාව ආරක්ෂා කරන්න බැදී සිටින නිලධාරීන්ගෙන් සිදුවීම ඊටත් වඩා කෘරයි. අපි අවධාරණයෙන් කියා සිටිනවා මෙම අපරාධයට සම්බන්ධ සියලුම දෙනාව කොළ නැති ගහේ යවන්නම කියා ..
දෙන්න තියන ලොකුම දඩුවම දෙන්න ඕන. නමුත් තවම හෙළි කර ගන්න බැරි වුනා මෙහෙම කෘර අපරාධයක් කරන්න තියන හේතුව මොකක්ද? දරු පවුල් විනාස කරපු මේ අපරාද වලට සම්බන්ද හැම කෙනාටම දඩුවම් දෙන්න ඕන...
ලංකාවේ කතාවක් යනවා මේ දෙන්න කරපු දේවල් ගැන. මියගිය අයට දොස් කියනවා නෙමෙයි, නමුත් ඒ කතා ඇහුවාම අපි නන්නත්තාර වෙනවා. එහෙම කියල පොලිසියට හෝ වෙන කිසිවෙකුට මිනිස් ඝාතන කරන්න අයිතියක් නැහැ කියන එකත් මම එකහෙලාම පිලිගන්නවා. නමුත් මාධ්‍යවලින් පෙන්වන දේට වඩා වෙනස් සිද්ධියක් මෙතන තියෙන බව පේනවා.
මෙහෙම කරන්න හේතුව මොකක්ද? පාතාලයේ රජවරු ගැන මාධ්‍යයෙන් ඕනෑතරම් අසා තියෙනවා. එවැනි අයට මෙවැනි දඬුවමක් ලැබුණා නම් පැහැදිලියි. එහෙම වුනේ මේ නිසයි කියලා. නමුත් මෙය කුමන හේතුවක් නිසා වුනා දැයි හැමෝටම ප්‍රශ්නයක්!
බලාගෙන යනකොට මේක විශාල සංවිධානාත්මක අපරාධ කල්ලියක් , පස් ජාවාරම්කාරය වෑන් එක දීල තිබෙන්නේ , වන අඩවි නිලධාරියා මිනිදෙක පුච්චන්න උදවු කරලා තිබෙන්නේ , මිණිමරන්න ගෙදර දීල තිබෙන්නේත් තවකෙනෙක් , ලේතවරුන ඇදුම් පුච්චලා තිබෙන්නේ මාතර තව කෙනෙකුට අයිති නිවසක , මොවුන් ගැන තවදුරත් සොයා බැලිය යුතුය , මෙය භාරව ඉන්න ප්‍රධාන පොලිස් පරික්ෂක සහ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මේවට වග කියන්න ඕනේ ,? සමහරවිට ඉහළ පොලිස් නිලධාරීන් මෙවැනි කණ්ඩායම් යොදාගෙන , කුලියට මිනීමැරීම , මත්කුඩු ජාවාරම් , කප්පම් ගැනීම් වැනි දේ කරනවා වෙන්න පුළුවන් , ඔය මිනිස්සු දෙන්න අත්අඩංගුවට ගන්න පොලිසියේ 13 දෙනෙක් ගිහිල්ල තිබෙනවා , තවම පොලිසිය මගින් අත්අඩංගුවට අරන් තිබෙන්නේ දෙතුන් දෙනෙකු පමණි 4 දෙනෙක් පැනල ගිහින් ඉතුරු පුද්ගලයන් අවට පොලිසි වල රාජකාරි කරනවා . මේවා බලනකොට මිනිස්සු පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන එක සාධාරණය