(යොහාන් භාසුර)
නීති විරෝධීව රතු සීනි මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් රතු සීනි ආනයන තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුණ හොත් ජනතාවට තව දුරටත් වැඩි මිලට රතු සීනි මිලදී ගැනීමට සිදුවන බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා අද (27) ‘ලංකාදීප’යට පැවසීය.
දේශීය සීනි කර්මාන්තය රැකගැනීමට යැයි පවසමින් 2021 වසරේ නොවැම්බර් මස ඉන්දියාවෙන් රතු සීනි ආනයනය අත්හිටුවූ බව කී පැරකුම් අබේසේකර මහතා එය එසේ වුවද නීති විරෝධීව රතු සීනි ටොන් ගණනනින් රට තුළට පැමිණීමෙන් ජනතාව පමණක් අපහසුතාවට පත්වන බව ද සඳහන් කළේය.
දේශීය වෙළෙඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 200 කට අඩු මිල පැවතිය ද රතු සීනි කිලෝවක් රුපියල් 400 කට ආසන්න මිලට අළෙවි කරන බවත් මෙරට වෙළෙඳපොලේ අළෙවි කරන සියලුම රතු සීනි තොග ශ්‍රී ලංකාවේ නිෂ්දානය කරන ඒවා නොවන බව ද කීය.
රතු සීනි නීති විරෝධීව ආනයනය කළ පසු රුපියල් කෝටි ගණනක දඩයක් පනවා සීනි තොගය නිදහස් කිරීමෙන් තව දුරටත් ජනතාව අපහසුතාවට පත්වීම වැලැක්විය නොහැකි බව කී අබේසේකර මහතා සඳහන් කළේ රතු සීනි ආනයනයට පනවා ඇති තහනම හැකි ඉක්මණින් ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බවත්ය.
ඉන්දියාවේ රතු සහ සුදු සීනි ලෝකවක් එකම මිලක පැවැතීම නිසා නීති විරෝධීව රතු සීනි මෙරටට ගෙන්වන ව්‍යාපාරිකයන් රුපියල් මිලියන ගණනින් ලාභ ලබන බව කී ඒ මහතා රතු සීනි ආනයන තහනම ඉවත් කළේ නම් රජයට විශාල බදු ආදායම් ලැබීමේ අවස්ථාව ඇති බව ද කීය.
රේගුව මීට දින කීපයකට පෙර අත්අඩංගුවට ගත් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි විශාල තොගයක් රුපියල් කෝටි 20 ක පමණ දඩයක් පනවා නිදහස් කර ඇති බව ද දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතු සීනි ආනයන තහනම ඉවත් කරන්න