IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්  කමිටුවට ඇතුළත් වෙති.

ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ , ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට රජයේ ඉඩම් ලබාදීමට නියමිතව පවතී.

රණවිරුවන්ට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල  මීට පෙර අවස්ථා කිහිපයකදී ආරම්භ කෙරුනත් එය සාර්ථකව සහ කඩිනමින් තියාත්මක නොවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත්කර ඇත.

ජනාධිපති නියෝග පරිදි රණවිරුවන්ට ලබා ඉඩම් ලබාදීමේ කාර්යභාරය ප්‍රමුඛස්ථානයෙහිලා සලකා කඩිනමින් වැඩ කටයුතු සම්පාදනය කිරීම  අදාල කමිටුවේ වගකීමයි.



අදහස් (9)

රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්

sachith Tuesday, 14 May 2024 02:11 PM

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් එපා කිව්වත් මේ පාර ඡන්දේ තියනවා කියලා හොදටම විශ්වාසයි

:       5       25

සෝමේ Tuesday, 14 May 2024 02:51 PM

තව තව ඡන්දෙ ලන්වෙනකොට රනිල්ගෙන් රටේ හැමෝටම ඉඩම ගානේ හම්බවෙයි වගේ

:       5       21

පිටරටවැසියා Tuesday, 14 May 2024 03:38 PM

අපි මේ ගතකරන්නෙ වෙසක් මාසේ කියලා දැන්නම් හොඳටම ෂුවර්...දන්සල් හැම තැනම....

:       4       21

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 03:46 PM

මෙයාට හොදටම පුළුවන් බෙදන්නයි විකුණන්නයි විතරයි වගේ, කාලයක් එරික් සෝල්හයිම් එක්ක එක්ක එකතුවෙලා රට බෙදන්න හැදුවා. ඊට පස්සේ එම් සී සී ගිවිසුම හරහා ඇමෙරිකාවට උවමනා විදියට රට බෙදන්න උත්සාහ කෙරුවා කියලා මහින්ද චෝදනා කෙරුවා. 2015 දී ෆ්රී වයි ෆයි බෙදනවා කිව්ව, දැන් තෙල් සංස්ථාව කෑලි හතරකට බෙදලා තුනක් වික්කා, විදුලි බල මණ්ඩලය කෑලි පහකට බෙදලා පහම විකුණන්න හදනවා. ඒ අස්සේ ඊළඟ පාරත් ජනාධිපති වෙන්න හිතාගෙන පරණ හාලුයි ඉඩම් ටිකයි බෙදන්න හදනවා. ඒ මොනවා කෙරුවත් මෙයා රටේ ජනාධිපති වෙනවා බොරු !

:       4       19

විජිත් Tuesday, 14 May 2024 04:13 PM

නාකි මොලේ අමාරුකාර රනිල්, තමන් දවසෙන් දවස කරන දුෂණ මගඩි වලින් දැන් හොඳටම පැහැදිලියි , තමන් විසින්ම තමන්ගේ වල කපාගන්නවා කියලා. අනිවාර්යයෙන්ම තමුන් ජිවිතාන්තයටම හිරේ යනවා !!!

:       4       18

Hafeel Tuesday, 14 May 2024 04:32 PM

ආදරණිය රණවිරුවනී, එදා මෙයා තොප්පිගල කැලේ කියලත්, අලිමංකඩ පාමංකඩ කියලත්, කිලිනොච්චිය මැදවච්චිය කියලත් ඔබතුමන්ලාවේ වීර ක්‍රයාව හෑල්ලුවට ලක් කල එක අමතක කරන්න එපා. දැන් මෙයා ඉඩම් බෙදනවා, පරිභෝජනයට නුසුදුසු හාල් බෙදනවා. මේවා ආදරයට නොවේ, බලය අත්හරින්න බයට කරන්නේ.

:       4       21

Bamunuarachchi Tuesday, 14 May 2024 05:25 PM

මේවට රැවටෙන්න එපා.මේවා ඡන්ද ගුණ්ඩු.දෙන දේවල් ඔක්කොම ගන්න,මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙන්න.

:       0       9

Don perea Wednesday, 15 May 2024 01:53 AM

රනිල් ,සාගල සහ කමිටු

:       0       7

anthony Wednesday, 15 May 2024 09:39 AM

අපිට මිලේනියම් සිටි හොදට මතකයි. මුතාලිෆ්, මීඩින් වගෙ අයවත්

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site