(ඩයනා උදයංගනී)
රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් විරෝධාර විභූෂණ පදක්කම් ප්රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු කෙරිණි.
මරණාභිමුඛ වූ අයෙකුගේ හෝ පිරිසකගේ ජීවිතය/ ජීවිත බේරාගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණින් තම ආත්මාරක්ෂාවට සිදුවිය හැකි උපද්‍රව පිළිබඳව ද නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින් ම කරන ලද වික්‍රමාන්විත වූ ද, අභිතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූ ද ක්‍රියාවන් උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බළසේනාවල නියුක්ත සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම පදක්කම ප්රදානය කරනු ලැබේ.
2016 දෙසැම්බර් මස 21 වන දින එරාවුර් සිට මඩකලපුව මහ රෝහල වෙත ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මඩකලපුව පුඩු පාලම අසල ඇති කලපුවට වැටී එහි ගමන්ගත් පුද්ගලයන් සිව්දෙනෙකු ගිලෙමින් සිටිය දී ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිතාරක්ෂාව නොතකා ඉදිරිපත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්රෝප්රල් රත්නායක සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට 2017 මැයි මාසයේ බලපෑ අධික ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසීම සඳහා ගුවන් හමුදාව කළ ගුවන් මෙහෙයුම් අතරතුර ආරක්ෂිත ආධාරකයෙන් ගිලිහී යාමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ බලලත් නිලධාරි වයි.එම්.එස්. යාපාරත්න යන මහත්වරුන් වෙනුවෙන් මෙම පදක්කම් පිරිනැමිණි.
යාපාරත්න මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ජනාධිපතිවරයා අතින් එම පදක්කම ලබාගත්තාය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශයෙනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවක්. අගය කල යුතුය
එදා බොන්න වතුර ඉල්ලුවම දුන්න තෑග්ගට වඩා මෙය මොන තරම් උතුම්ද ?
අප ඔබලාගේ වීර ක්‍රියාවන් අගය කරන්නෙමු. ඔබලාව මෙලොවට බිහිකළ ඒ දෙමාපියන්ට පින් සිද්ධවේවා !! උණුසුම් සුබපැතුම් !!!
2016 දී දියේ ගිලෙමින් සිටි මුස්ලිම් ජාතික අම්ම කෙනෙකු සහ පවුලේ උදවිය බේරා ගැනීම ගැන පුවත් පත්වල පවා පල වුනා. ඒ වීර ක්‍රියාවට දැන්වත් මෙසේ උපහාර දැක්වීම ඉතාම හොද වැඩක්. මේ රණවිරුවාට සහ මිය ගිය රණවිරුවාට අපේ උපහාර.
ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවක්. සැම වසරක් පාස අපේ රණවිරුවන් ඇගේමකට ලක් කල යුතු..
හමුදාවට ජයශ්‍රී.
මේ දරුවා ටයි ගැටේවත් හරියට ගහගෙන නැහැ... ඉන්න මම හදනකම්.