IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රණබිමක පන්හිඳ කෘතිය එළිදැක්වෙයි

(මුදිතා දයානන්ද)

ලංකාදීප පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතා විසින් රචිත රණබිමක  පන්හිඳ කෘතිය එළිදැක්වීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  උප කුලපති  විශේෂඥ වෛද්‍ය එම්.ඩී. ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී සිදු කෙරිණි.

ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස  යුද වාර්තාකරණයේදී  වසර ගණනාවක් තිස්සේ ලද අත්දැකීම් ඇතුළත් මෙම කෘතියෙහි  යුද හමුදාවේ සාමාන්‍ය සෙබළාගේ සිට ඉහළ නිලධාරීන්  දක්වා සියලු  දෙනාගේ කැපකිරීම්,දේශපාලන  මෙහෙයවීම,මැදිහත්වීම හා බලපෑම් දූෂණ, අක්‍රමිකතා ඇතුළු බොහෝ කරුණු මෙහි ඇතුළත් වේ. 

කෘතිය එළිදැක්වීමේ උත්සවයට හිටපු යුද හමුදාපති දයා රත්නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  මානව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  උපදේශක  කුමාරසිරි හෙට්ටිගේ, බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස්  චන්දන ඒකනායක, ලේඛක චමින්ද වෙලගෙදර, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්ත කරුණරත්න, මව්රට පුවත්පතේ ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (0)

රණබිමක පන්හිඳ කෘතිය එළිදැක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site