
(මුදිතා දයානන්ද)
ලංකාදීප පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතා විසින් රචිත රණබිමක පන්හිඳ කෘතිය එළිදැක්වීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති විශේෂඥ වෛද්‍ය එම්.ඩී. ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී සිදු කෙරිණි.
ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස යුද වාර්තාකරණයේදී වසර ගණනාවක් තිස්සේ ලද අත්දැකීම් ඇතුළත් මෙම කෘතියෙහි යුද හමුදාවේ සාමාන්‍ය සෙබළාගේ සිට ඉහළ නිලධාරීන් දක්වා සියලු දෙනාගේ කැපකිරීම්,දේශපාලන මෙහෙයවීම,මැදිහත්වීම හා බලපෑම් දූෂණ, අක්‍රමිකතා ඇතුළු බොහෝ කරුණු මෙහි ඇතුළත් වේ.
කෘතිය එළිදැක්වීමේ උත්සවයට හිටපු යුද හමුදාපති දයා රත්නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක කුමාරසිරි හෙට්ටිගේ, බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් චන්දන ඒකනායක, ලේඛක චමින්ද වෙලගෙදර, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්ත කරුණරත්න, මව්රට පුවත්පතේ ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd