IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටවල් තුනකට ශ්‍රී ලංකාව මැදි වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා නිලධාරීන් යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරයාට පිවිසීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණයට චීන,ඇමෙරිකානු සහ ඉන්දියානු රාජ තාන්ත්‍රික නිලධාරීන් තිරය පිටුපස සිට බලපෑම් එල්ල කිරීමට උත්සහ දරණ බව ඒ පිළිබඳ සෘජු දැනුමක් ඇති ශ්‍රී ලංකා විදේශ කටයුතු  අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම චීනය,ඉන්දියාව සහ ඇමෙරිකාව අතර භූ දේශපාලනික කඹ ඇදීමේ තරඟයක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව එයට මැදි වී සිටින බවත් වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දුන්නේය.යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරයාට පිවිසීම කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කල ඉල්ලීමට ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවේද බලපෑම් හේතු වූ බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දුන්නේය.

යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම උපායමාර්ගික වශයෙන් වැදගත් කමක් නොතිබුණත් එය ශ්‍රී ලංකාවට ණය දුන් ප්‍රධාන පාර්ශ්වයක් වන චීනයට සිදු කරන විශේෂ සැලකිල්ලක් දැක්වීමක් ලෙස ඇමෙරිකාව සහ ඉන්දියාව දකින බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දුන්නේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ණය දුන් පාර්ශ්ව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇති මොහොතක චීනයට විශේෂ සැලකිල්ලක් දැක්වීම සුදුසු නොවන බව ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ මතය බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළේය.

යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් ඉන්දියානු මාධ්‍ය මෙන්ම චීන මාධ්‍යද සෘණාත්මක අදහස් ප්‍රකාශ කරන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක ණයක් ලබා දුන් ඉන්දියාව ශ්‍රී ලංකාව පාලනය කිරීමට උත්සහ දරණ බවට චීන මාධ්‍යය චෝදනා කරන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ උදව්වට පැමිණි බවත් යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළේය.a



අදහස් (0)

රටවල් තුනකට ශ්‍රී ලංකාව මැදි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site