
පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග‍්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.
යුරෝපා සංගමයේ රටවල් යුක්රේනයට දක්වන සහයෝගය පෙන්වීම සඳහා අග‍්‍රාමාත්‍යවරු තිදෙනා අද දින කිව් අගනුවර වෙත පැමිණ ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට සුදානම්ව සිටී.
යුරෝපා කවුන්සිලය නියෝජනය කරමින් අග‍්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළහ.
යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සහ යුරෝපා කොමිසමේ සභාපති අර්සලා වොන් ඩර් ලෙන් සමඟ සාකච්ඡා කර මෙම සංචාරය සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd