IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


රටවල් 7කට නොමිලේ වීසා දෙන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-3- 31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන් හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම,

විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා ඓතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එකවර ගෙවා මිලදී ගැනීමේ පැකේජ ප්‍රවේශ පත්‍රයක් ගුවන්තොටුපොළේදීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම,

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර අලවිය ද මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එකවර ගෙවා ලබාගන්නා පොදු ප්‍රවේශ පත්‍රයක් ලෙස ගුවන්තොටුපලේ දීම මිලදී ගැනීමට අවශ්‍ය සලසා දීම එම වැඩසටහනට ඇතුළත් වේ.

ඉදිරි වසර තුනේ තුනේදී තුනේදී සංචාරකයන් මිලියන පහක් ලංකාවට ගෙන්වා  ගැනීමේ ඉලක්කය මත අග්‍රාමාත්‍යවරයා,සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

 



අදහස් (14)

රටවල් 7කට නොමිලේ වීසා දෙන්න කැබිනට් අනුමැතිය

Marikkar Tuesday, 24 October 2023 11:41 AM

ඉන්දියාව සැලකීම ඉතාම වැරැදි තීරණයක්. අවසානයේ නීති විරෝධී ඉන්දියානුවන් පලවා හැරීමේ නිදහස් සටනේ යෙදීමට අපට සිදුවේවි...!

:       2       0

de silva berlin Tuesday, 24 October 2023 12:16 PM

අපට කොරෝනා ප්‍රශ්නේ ඇතිවෙන්න කලින් වැඩිම සංචාරක ආදායමක් ලබාදුන් බටහිර යුරෝපේ සහ මධ්‍යම යුරෝපයේ රටවල් වන ජර්මනිය, ස්විස්ටර්ලන්තේ, ප්‍රංශය, ඔස්ට්‍රියාව, එංගලන්තේ මේ කණ්ඩායමට ඇතුලත් නොකළේ කුමන කාරණයක් නිසාද? ඇමැති සහ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුමක් නැති බවත් ඔවුන් මේ කරනවා සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කර නැතිබවත් පෙනී යනවා. කොත්තු රොටි කන ඉන්දියන් කාරයින් නොව හොඳට වියදම් කරන සල්ලි තිබෙන සංචාරකයින් අල්වා ගැනීමට ඇමක් වශයෙන් මෙවැනි සහන භාවිතා කරන්න ඕනේ... කලාපයේ අනෙක් රටවල් වන තායිලන්තේ, වියට්නාම, මලදිවයින මේ සහන බටහිර යුරෝපේ රටවලට එදා සිට අද දක්වාම ලබාදෙනවා...!

:       0       2

sarath Tuesday, 24 October 2023 12:31 PM

ගුවන්තොටුපල පර්යන්තයේ සිට කොළඹ කොටුවට පොදු ප්‍රවාහන බස් සේවයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.. ගුවන් මගියෝ බඩුමලු උස්සාගෙන ඇවරි වත්තට යන්න ඕනේ... ඔය කියන ටිකට් එකට ඩොලර් බර ගණනක් අයකරනවා ඇති..., සුද්දෝ ටිකට් අරන් ගුවන්තොටුපලේ සිට කොටුවට යන්න බස් සේවයක් නොමැතිබව දැනගෙන, ලංකාවට හොඳටම බැනලා youtube වීඩියෝ දැම්මොත් එන සුද්දෙක්වත් එන්නේ නැහැ... කරුණාකර ඔය ටිකට් විකුණන්න කලින් එම ක්‍රියාවලියට අඩාල යටිතල පහසුකම් ටික හදාගෙන මාසයක් දෙකක් ක්‍රියාත්මක කර බලා ටිකට් විකුණන්න...!

:       0       0

අතුල සෞදි Tuesday, 24 October 2023 12:33 PM

ටොයිලට් ආණ්ඩුවට රජ මඟුල්. බුරුතු පිටින් මෙහෙ ඇවිල්ලා (මගී නැව් ප්‍රවාහනය පටන් ගත්තේම ඕකට තමයි) වෙළඳාම්, රක්ෂා, ආදි මෙකී නොකී දේවල් කරන්න දැන් තවත් ලේසියි. දැනටමත් මේක 29 වැනි ප්‍රාන්තය වගේ වෙලා...

:       1       1

monaragala Tuesday, 24 October 2023 12:53 PM

නැවක් දුන්නා. දැන් වීසා නොමිළේ. පාලම විතරයි අඩු...!

:       1       0

කාගෙත් සුන්දරී Tuesday, 24 October 2023 05:10 PM

පිළිවෙත නම් නරක නැහැ. එහෙත් තායිලන්තයේ සිට එන කාන්තාවන් මේරටේ සම්බාහන ආයතන වල වැඩ කරන්න ගතහොත්... තමා අපිට රැකියාවන් අහිමි වෙන්නේ...! 

:       1       21

ගමේ එකාලා Tuesday, 24 October 2023 05:27 PM

තායිලන්තයේ සුන්දරියෝ එනවට කැමති මැති ඇමතිවරුන්ට නම් සුබ ආරංචියක්...?

:       0       1

Athula k Tuesday, 24 October 2023 05:31 PM

ඉන්දියාවෙන් එන්නේ සංචාරකයෝ නෙවෙයි... සංචාරක වීසා මත රැකියාවලට එන අය...

:       0       17

AselaTuesday, 24 October 2023 09:40 PM

ලංකාවේ තවමත් රැකියා පුරප්පාඩු තිබෙනවාද?

:       1       0

Roshan Tuesday, 24 October 2023 08:09 PM

ඉන්දියාවෙන් යම් පමණකට සංචාරකයන් එනවා. නමුත් ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය යන රටවල් වලින්නම් සංචාරකයන් එන්නේ නෑ....බොහොම කලාතුරකින් තමයි එන්නේ... තායිලන්තයෙන් එන්නෙ ගණිකාවන්...

:       0       7

Perera Wednesday, 25 October 2023 12:08 AM

ඒ වුණාට අපිට එහෙම යන්න දෙන්න ඒ රටවල් නිකන් වීසා දෙන්නේ නෑ.

:       0       1

chandima Wednesday, 25 October 2023 12:20 AM

වීසා එක ගන්න ගෙවන ගණන ගැනත් හූල්ලන අයව සංචාරකයෝ විදිහට ගෙනත් මොනවා කරන්නද? එද්දි වේලපු චපාති අරන් ඇවිත් මෙහෙදි වතුරේ පොඟවනවා වගේ වැඩක්...

:       0       1

chandima Wednesday, 25 October 2023 12:25 AM

මේ අයගේ මොලේද බන් මේ කැබිනට් එකේ ඇමැතිලාට බද්ද කරලා තියෙන්නේ..? ඌරන්ගේ, එළුවන්ගේ, කුකුළන්ගේ, රිළවුන්ගේ වගේ සත්තුන්ගේ මොලේ නම් වෙන්න බැහැ...

:       0       0

සමන් Wednesday, 25 October 2023 07:23 AM

Port city එක ඇතුළේ සැප දෙන්නත් කට්ටිය එපායෑ. අනේ වාසනාවන්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 671 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 727 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 186 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 959 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2614 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 401 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2338 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2005 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site