(ලුසිත ජයමාන්න)

ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස් ඩ්‍රැගන්’ කැප්සියුලයේ ආධාරයෙන්, රටවල් 4 ක් නියෝජනය කරන ගගනගාමීන් 4 දෙනෙක් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියහ. ඔවුන් අතර කාන්තාවක් ද සිටී.
එම ගගනගාමීන් 4 දෙනා වන්නේ ඇමෙරිකා නාසා ආයතනයේ ගගනගාමිනී ජෙස්මින් මොගෙබේලී, යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමී ඩෙන්මාර්ක ජාතික ඇන්ද්‍රියාස් මෝගෙන්සන්, ජපාන අභ්‍යවනාශ ආයතනයේ සතෝෂි ෆුරුකාවා සහ රුසියන් ගගනගාමී කොන්ස්ටන්ටින් බොරිසෝවිය.
‘ස්පේස් එක්ස් ඩ්‍රැගන්’ කැප්සියුලය, උඩු ගුවනට තල්ලු කෙරුණේ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ආධාරයෙනි. රොකට්ටුව උඩු ගුවන බලා ගියේ ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය.
පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළේ මාරුවෙන් මාරුවට මාස 6 කට වරක් ගගනගාමීහු රැඳී සිටිති. ඒ, ඔවුන් විවිධාකාරයේ පර්යේෂණවල නිරත වන බැවිනි.
අලුත් ගගනගාමින් සිවු දෙනා නැවැතුම්පොළ බලා යද්දී, එහි රැඳී සිටි ගගනගාමීන් ආපසු පෘථිවිට බලා පැමිණීමට නියමිතය.
ස්තුතිය - නාසා ආයතනය
2025 නොවැම්බර් මස 04
187
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටවල් 4 කින් 4 ක් උඩ යයි
නිමල් Sunday, 27 August 2023 06:22 PM
ජාතීන් අතර මෙවැනි සාමූහිකත්වයක් සෑම ක්ෂේත්‍රයකම තිබෙනවා නම්...!
pakeer Sunday, 27 August 2023 10:37 PM
අපි විශ්වයට යන්නේ පෘතුවි වාසීන් හැටියට මිසක් ,ජාතීන් හැටියට නෙමේ .ඒකයි මෙතන වෙනස