(යොහාන් භාසුර)
විදුලිබල පනතේ සංශෝධන පිළිබඳව ගැටලුවක් ඇමතිවරයා හෝ රජය සමඟ තිබේ නම් ඒකට සමස්ත රටේම මිනිස්සු කළුවරේ තියනවා කියන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් එවැනි සංවිධානයක් වෘත්තීය සමිතියක් නොව ත්‍රස්තවාදී සංවිධානයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (10) පැවසීය.
විදුලිබල පනතේ සංශෝධන ඉදිරිපත් කළ දිනයේ ඇතැම් ප්‍රදේහවල විදුලිය විසන්ධි වූ බවත් එහිදී රන්ටැඹේ සහ රන්දෙණිගල ජලාශවල වාන්දොරටුවලින් නිකුත් කළ ජලය විදුලි නිෂ්පාදනයට යොදාගෙන නොමැති බවත් අමාත්‍යවරයා කීය.
ලැබී තිබෙන තොරතුරු අනුව පෙරේදා දිනයේ රන්ටැඹේ ජලාශයේ පමණක් ජලය කියුබ්මීටර 912,000 ක් සහ රන්දෙණිගල ජලාශයේ කියුබ්මීටර 409,000 ක් නිකුත් කර ඇති බව කී අමාත්‍යවරයා සඳහන් කළේ එයට රන්ටැඹේ සහ රන්දෙණිගලවල කටයුතු කළ භාරව සිටි නිලධාරීන් සම්බන්ධයෙන් සහ ඒ වගේම සිස්ටම් කන්ට්‍රෝල් එක පාවිච්චි කළේ කවුද? විදුලි පද්ධතිය එයට සම්බන්ධ නොකළේ ඇයි කියන එක ගැන පරීක්‍ෂණයක් පවත්වන බවත්ය.
එම කාලය තුළ විදුලිය නිෂ්පාදනයට ජලය පාවිච්චි නොකළ ද ඒ වෙනුවට දැවිතෙල් බලාගාර පාවිච්චි කිරීම මෙහි බරපතලම තත්වය බවත් ඒ හේතුවෙන් විශාල මූල්‍ය පාඩුවක් රටට ව ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සිද්ධිය සහ පසුගිය වසරේ සිදුවීම් දෙක පිටුපස සිටි දේශපාලන හස්තය සහ ඒ පිටුපස සිටි නිලධාරීන් සෙවිය යුතු බවත් රංජන් ජයලාල් කිව්වා වගේ ආනාගතයේ මගේ ජීවිතය ද, දේශපාලන අනාගතය ගැනද නොදන්නා නමුත් එවැනි ඕන දේකට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා බලශක්ති අමාත්‍යංශයේදී අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රටම කළුවරේ තැබීම ත්‍රස්තවාදී ක්‍රියාවක්
Sunil Saturday, 11 June 2022 10:52 AM
එතකොට රටම බංකොළොත් කිරීම..?
kaputa Saturday, 11 June 2022 11:12 AM
එහෙමනම් හැමදාම අපේ රජය ත්‍රස්තවාදී වැඩක් කරනවා.. හැමදාම පැය ගාණක්.
RaiSaturday, 11 June 2022 03:20 PM
ඔය කියන මිනිහා මෙච්චර කල් කොහේද හිටියේ? තවමත් විදුලිය කපන රටේ මේ මිනිස්සු බල ලෝබය නිසා රටේ අහිංසක මිනිසුන්ට බයිලා කියනවා.. ඊට අමතරව රට ඉතියෝපියාවක් කළ හොරුන්ව රැකගන්න හදන්න එපා..