
(සුමිත් පොතුපිටිය)
පානදුර නගරයේ පිහිටා ඇති අනගාරික ධර්මපාල පිළිරුව අභියස රට බීමහලක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් විහාරාධිපතිවරු දෙනමක් අද (21) දහවල් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අවහිර කරමින් උපවාසයක් ඇරැඹුහ.
පානදුර වෑකඩ වලව්වත්ත ශ්‍රී රත්නාරාමාධිපති උනාකුරුවේ අරියධජ සහ දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරාධිපති පූජ්‍ය දෙල්දෙව්වේ සුමන හිමිවරුන් මෙසේ උපවාසය ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ පානදුර ප්‍රාදේශීය ලේකම් ජයදේවී කොඩිතුවක්කු මහත්මිය සදහන් කලේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් ඇයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම්වරු බලයේ සිටින මැලේසියාව සාමාන්‍ය ග්‍රොසරි වලත් මත්පැන් අලෙවිය කරනවා. ලොව බොහෝ රටවල එහෙමම තමයි. මේ බාර් පර්මිට් ක්‍රමය හදාගෙන තියෙන්නේ දේශපාලකයින්ට සල්ලි හොයන්න උදව්ව සඳහා. සාමාන්‍ය කඩවල මත්පැන් අලෙවිය සිගරට් අලෙවිය වගේම නීතිගත කරන්න... එතකොට ඔය විකාර වැඩ ඔක්කෝම නවතිනවා...
ඔබ වහන්සේලාගේ නිර්භීත වෑයම සාර්ථක වේවා...!
මේ උන්නාන්සේලා ධර්මපාලතුමාගේ පවුල් වල අයගේ ව්‍යාපාර මොනවද කියල හොයල බලල නැද්ද ? ලංකාවේ රා අරක්කු ව්‍යාපාරයේ මුල් පුරුක් තමයි මේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රාහකයින් උනේ ..ඒ වගේම සිංහල බෞද්ධ පාසල් කියල මහ උජාරුවෙන් උදම් අනන ඒවාගේ ආරම්භයත් ඒ අයගේ අනුග්‍රාහකත්වයෙන් තමයි සිදු උනේ..අනගාරික ධර්මපාල කියන්නෙ අන්තවාදී දැක්මක් තිබ්බ ව්‍යාජ දේශප්‍රේමියෙක්.