(රංජන් කස්තුරි )
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක්ම සුරා බදු පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ මහා පරිමාණ ජාවාරමක තවදුරටත් නිරත වන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ව්‍යාජ ස්ටිකර් ජාවාරම නිසා රජයට වසරකට රුපියල් කෝටි හය දහසක පමණ දැවැන්ත බදු ආදායමක් අහිමිවන බවද වාර්තාවේ.
මත්පැන් නිෂ්පාදන ආයතන රැසකට අයත් ව්‍යාජ ස්ටිකර් යෙදු මත්පැන් බෝතල් තොගයක්ම සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් දා (9) අත්අඩංගුවට ගනු ලැබ තිබිණ.
දිවයිනේ උතුර උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල අලෙවි කිරීම් සඳහා ගබඩා කර තිබියදී පෙරේදා යාපනය ත්‍රිකුණාමලය මන්නාරම සහ වාලච්චේන යන ප්‍රදේශවලින් මෙම බෝතල් සොයාගත් බවද එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව කළ විමසුමකදී සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් පිළිබඳව සොයා බැලීම සඳහා රට පුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි හොර ජාවාරම් කරන සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලයේ සිට නිෂ්පාදන කළමනාකරුවන් දක්වා අවම වසර 1 සිට ජිවතාන්තය දක්වා සිර දඩුවම් නියම කළහැකි ආකාරයට , හොර ස්ටිකර් අලවල අසුවුනොත් පළමු වතාවේ රුපියල් ලක්ෂ 50 දෙවන වතාවේ ලක්ෂ 200 සහ තුන්වෙනි වතාවේ ස්කාගාරය රාජසන්තක කල හැකි ආකාරයට පනතක් පාර්ලිමේන්තුව හරහා ගෙන අවොත් මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ,