(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්පැන් සඳහා රටේ ඇති ඉල්ලුම ජනතාවගේ ආදායම් මට්ටම අඩුවීම නිසා සියයට 30කින් පමණ පහළ බැස ඇතැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත.
රටේ මත්පැන් මිල මෑතකාලීනව විශාල වශයෙන් ඉහළ යෑමද මත්පැන් පාවිච්චිය අඩු වීමට තවත් ප්‍රධාන හේතුවක් බව එම කමිටුව සඳහන් කරයි.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය
රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කර ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණ.
මාර්ගගත ක්‍රමයට පැවැත්වුණු මෙම සාකච්ඡාවට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීහු සම්බන්ධ කර ගැනුණහ.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් මතු වී ඇති බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතුවී ඇති බවත් සුරාබදු නිලධාරීන් මෙහිදී සඳහන් කර ඇත.
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පවතින තත්වය යටතේ වැඩිවීමේ ප්‍රවනතාවක් මේ වනවිට ඇති වී තිබෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අදායම් සහ වර්තමාන තත්වය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳවද මෙහිදී සවිස්තරව සාකච්ඡා කර ඇත.
මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අනූප පැස්කුවෙල් සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්රන් බිජු දමන කිකිලිට කරපු වැඩේ... මේ ගොයියෝ මත්පැන් බදු ඉහළ දැමීමෙන් කළේ... දැන් මටත් හිතෙනවා කසිප්පු පෙරන්න පටන් ගත්තා නම් හොඳයි කියලා...!
ඩොලර් ඉතුරුයි. කංසා, රා අනුමැතිය දෙන්න.