
(සුජිත් හේවාජුලිගේ )
පුරන් කුඹුරු යළි අස්වද්දමින් පරිසර උද්‍යාන රටපුරා පිහිටුවීමේ නව වැඩපිළිවෙළක් අගමැති, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබ ඇත.
මෙහි පළමු අදියර යටතේ ගාල්ල හෝලුවාගොඩ පුරන් කුඹුරු යාය කෘෂි පාරිසරික උද්‍යානයක් බවට පත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය හෝලුවාගොඩ දියදම් කෘෂි පාරිසරික උද්‍යානය ඉදිකරයි.
හෙක්ටෙයාර් 200 කට ආසන්න මෙම පුරන් කුඹුරු යායෙන් අක්කර 19 ක් පාරිසරික උද්‍යානය සකස් කිරීම සඳහා වෙන් කෙරේ.
එහි වගා කටයුතුද දැනටමත් අරඹා ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම උද්‍යානයට ඇවිදීමේ මංතීරුවක්, වාහන නැවතුම් අංගනයක්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන, හෙළ බොජුන් හලක්, කෘෂි අලෙවි මධ්‍යස්ථානයක්, ළමා උද්‍යානයක් සහ කඩ කාමර රැසක් ඇතුළත් වෙයි.
හෝලුවාගොඩ පරිසර උද්‍යානය සකස් කිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි තිස් හතරකි.
විධිමත් ඇළ මාර්ග පද්ධතියක් ඉදි කිරීම හරහා ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම ,ජනතාවගේ ශරීර සුවතා වර්ධනය කිරීම සහ විනෝදාස්වාදය ලබාදීම මෙම පරිසර උද්‍යාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශ නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සශ්‍රීක කුඹුරු, ජොගින් පාක් හදද්දී, කැලෑ එළිපෙහෙළි කරද්දී අනාගතයේ කැලයක් දකින්නට නැතිවේවි යැයි සිතාද පරිසර ඇමතිවරයා දැන් රැවුල වවලා ඉන්නවා දැක්කා..
පොහොර වෙනුවට අසූචි දාල වවන්නද? අපිට වගාව අතහරින්න වුණා කාබනික මේනියාවට යටවීම නිසා. රසායනික හෝ කාබනික මොකුත් සාධාරණ දැරිය හැකි මිලකට නෑ. ඉඩම් පුරන්වෙන්නේ ඒ නිසායි.
කෘෂිකර්මාන්තය නගාසිටුවන වැඩද මේවා...? අනේ අනේ.., මේ අය තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාවට සෙත..