IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රටපුරා තුටුපඬුරු ගැනීමත් වැඩිවෙලා

 

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික අහේනිය හේතුවෙන්  රටපුරා අල්ලස් (තුටුපඬුරු) ගැනීමේ සිද්ධීන්ද  සියයට 20 කින් 30 කින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තත්වයක් තිබිය හැකි බවයි.

එහෙත් අල්ලස් ගැනීමේ සිද්ධීන් සෑම එකක් පිළිබඳවම අල්ලස් කොමිසමට පැමිණිලි නොකෙරෙන බවත් සමහරුන් අල්ලස්දී තම වැඩ රාජකාරි පහසුවෙන් කර ගැනීමට පෙළඹී සිටින බවත්  සඳහන් කළේය.

විවිධ ආහාර වර්ග අල්ලස් වශයෙන් ලබා ගත් සිද්ධීන් ගණනාවක්ද පසුගිය කාලයේදී වාර්තාවූ බව  අල්ලස් කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් පැවසේ.

අල්ලස් ගැනීම් සහ දූෂණ සම්බන්ධයෙන්  දේශපාලඥයන් සහ  රජයේ උසස් නිලධාරීන් ඇතුළු  83 දෙනෙකුට එරෙහිව පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මින් වැඩි  නඩු  ප්‍රමාණයක් ඇත්තේ අල්ලස්  ගැනීම් සම්බන්ධයෙනි. එම  නඩු සංඛ්‍යාව 55කි.

මේ අතර රටපුරා විවිධ වංචනික ක්‍රියා සහ සොරකම්ද සීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ආර්ථික අහේනිය හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත්වලට ණය මුදල් පියවීමද  සියයට 50කින් පමණ අඩුවී ඇතැයි  බැංකු ආරංචිමාර්ග වලින් පැවසේ.



අදහස් (1)

රටපුරා තුටුපඬුරු ගැනීමත් වැඩිවෙලා

චන්දන Sunday, 23 October 2022 07:04 AM

පහුගිය දවසක පුස්සැල්ලාව හරියෙ මම ගියපු බස් එකක් නැවැත්තුවා ද්විත්ව සුදු ඉර කැපුව කියල .මම හොඳට දැක්කා එහෙම දෙයක් වුනේ නැහැ කියල . ඊට ඉස්සරහ තවත් වාහන 4ක් එක පෝලිමේ හෙමින් ගියේ. මෙයා ඩ්‍රයිවර් ට කියනව ගොඩින් බේරා ගනිමු කියල . ඩ්‍රයිවර් කිව්වේ නෑ දඩ කොලයක් දෙන්න කියල. වරදක් වෙලා තිබෙනවා නම් බස් එකේ ඉදිරි කැමරාව තිබෙනවා ඒකෙන් බලන්න පුළුවන් කියල . ඒ පාර නෑ යන්න කියල කිවුවා . ඔන්න වැඩ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site