
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත්පාලන ආයතන කරන කැළිකසළ බැහැර කිරීම් නිසා රට පුරා කුණු කඳු දහනවයක් නිර්මාණය වී ඇතැයි පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනි.
එම කුණු කඳු අතරින් හතරක් වනාන්තර ආශ්‍රිතව පවතින හෙයින් පරිසර පද්ධතියට දැඩි හානියක් වන්නේ යැයි පිළිගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා පළාත් පාලන ආයතනවල කොම්පෝස්ට් පොහොර නිපදවන අංගණ නවයක් මේ වනවිට ක්‍රියාත්මක බවද සඳහන් කළේය.
මේ කුණු කඳු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බව වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර... නේද ඇමැතිතුමා?
තව කුණු කන්දක් තියෙනවා දියවන්නාව මැද්දේ... ඒකෙන් ලංකාවම ගඳ ගස්සවනවා. මුළු ලෝකෙටම දැනෙන්න..!
මේ කඳු දවස පුරාම වර්ධනය වෙමින් පවතින නිසා අනාගතයේදී කුණු කන්දක් බවට පත්වෙයිද? වගකිවයුතු පාලකයෝ හිතාමතා, බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙනවද?