(යොහාන් භාසුර)
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 6 ක් සමග ඩිංගි යාත්‍රාවක් මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරික්ෂා කළ බව කී නාවික හමුදාව එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කරන බවට සැකකෙරෙන යාත්‍රාවේ ක්‍රියාකරු සමඟ වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්, කාන්තාවක් සහ ළමයි තිදෙනෙක් ඇතුළු හය දෙනෙක් භාරයට ගත් බව ද සඳහන් කළේය.
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගත් බවත් එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසියට භාරදුන් බවත් නාවික හමුදාව වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සුන්ට ඉන්න හැකි තත්වයක් නොමැති නිසයි ජීවිත අවධානමත් නොසලකා මේ අයුරින් රටින් පනින්න හදන්නේ....
අනේ පව්... මේ මහා සල්ලිකාරයෝ නොවෙයි, මේ රටේ ජීවත් වෙන්න බැරුව කුමන හෝ වදයක් විඳින්න බලාගෙන රටින් පැනයන්න හදන මිනිස්සු...