(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පසුගිය දශක දෙකක කාලයේ දී රටෙි ආනයන අපයනවලින් 7% ක් සඟවා ඇතැයි ද එසේ රටින් පිටමං කර ඇති ධනය රටේ සමස්ත ණය බරට සමාන යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තේ,රබර්, පොල් වලට සීමා වී තිබෙන අපනයන ආර්ථිකය ඉන් ඔබ්බට ගෙන ආ යුතු බව කී මන්ත්‍රීවරයා අපනයන විවිධාංගීකරණය වඩාත් වේගවත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සඳහන් කළේ ය.
“ජාත්‍යන්තර වෙළඳාමේ තිබෙන අගය මුලින්ම වටහා ගත්තේ අපේ මහා පරාක්‍රමබාහු රජතුමා. එතුමා සාමාන්‍යයෙන් කෘෂිකර්මයෙන් ඔබ්බට ගිහිල්ලා ආසියාවට ලෝකයට ජාත්‍යන්තර වෙළදාම හරහා රට විවෘත කළා.
1976 න් පස්සේ මේ දක්වාම අපි අනුගමනය කරලා තියෙන්නේ අපනයන අභිමුඛ ආර්ථිකයක් භාණ්ඩ නිෂ්පාදනයට. මේක කොච්චර සාර්ථක වෙලා තියෙනවද? 1990 න් පස්සේ මේ රටේ අපනයන කළඹ දිහා අපි බැලුවොත් කිසිම වෙනසක් වෙලා නෑ. ඒ අනුව තමයි තාමත් අපි ඇඟලුම් කර්මාන්තයටයි, තේ, පොල්, රබර් වලටයි සීමා වෙලා තියෙන්නේ යනුවෙන්ද පාඨලී චම්පික රණවක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුයි දන්නේ, පව් ඡන්දේ ළඟ නිසා මරුවිකල් වෙලා.
සීනිබදු හොරු ගැන වගේම මේ රටට අයිති ඩොලර් බිලියන් 40ක් පමණ අපේ මුදල් ගන්න විදිහක් ගැන කවදාවත් රනිල් කතාකරන්නේ නැහැ , IMF ණයයි අපේ සාක්කුවටම විදින්න බලාගෙන ඉන්නවා විතරයි .
රටින් පිටමං කර ඇති ධනය සගවා තිබෙන්නේ කුමන රටේද ?
ඒ කාලේ ඇමතිකම් අරන් සුර සැප විඳලා දැන් බයිලා කෙලිනවා අපිව ගොනාට අන්දන්න
ඒ කියන්නෙ 1994 සිට මේ දක්වා අපනයනය කල දෙයින් රටට ලැබියයුතු ආදායම් සියයට හතක් රටට ගෙනාවෙම නැතුව දේශපාලුවො ඔවුන්ගේ වත්කම් ඇතිකර ගත්තා කියලා නේද. ඒකත් තේ, රබර්, පොල්, කුරුදු හා සුලු අපනයන ආදායම් අඩුවීමට හේතුවක් වුනා එයින් වගාකරුවන් හා නිෂ්පාදකයින්ට ලැබියයුතු ආදායම් සියයට හතක් නොලැබීගියා නිෂ්පාදනය අඩුවීමට ඒක හේතුවක් වෙන්න පුළුවන් නේද ඔබතුමාගෙ අලුත්ම සංධානය මෙහෙම දේවල් සදහා අනුගමනය කරන කටයුතු මොනවාද.?
තමනුත් පසුගිය අවුරුදු 20 ඇතුලත බලයේ හිටපු රජයන් වල ඇමතිකම් දැරුවා නේද.?