IMG-LOGO

රටින් ඩොලර් පිට කරන ක්‍රමය ‘ඖෂධ මාෆියාවයි’

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත් ඇමතිවරු සහ බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

මෙම සියලු ක්‍රියාකලාපයන් පිටුපස අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ කූට ව්‍යාපාරිකයන් සිටින බව ද කී ඒ මහතා මෙරටට ඖෂධ සැපයීමට සමාගම් 6 ක් ඉදිරිපත් වී ඉන් එක සමාගමක් ඖෂධයක් සදහා ශත 19 ක අවම ලංසුවක් ඉදිරිපත් කර තිබියදී වෙනත් සමාගමකට ශත 85 කට ඖෂධ ටෙන්ඩරය දීමට සූදානම් වන බව ද සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාම හේතුවෙන් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බව කී ජයගොඩ මහතා පැවසුවේ දැනට රෝහල් ගණනාවකම පවතින ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් එම රෝහල් ඒකක වසා දමා ඇති බවත්ය. 



අදහස් (4)

රටින් ඩොලර් පිට කරන ක්‍රමය ‘ඖෂධ මාෆියාවයි’

Jayalath Friday, 05 May 2023 06:57 AM

මුන් රටට කරන වැඩකුත් නෑ අනුන්ගෙ රෙද්දවල් හොයනව විතරයි

:       1       2

PODDA Friday, 05 May 2023 01:41 PM

මේ ගොයියොත් මොකක් හරි වලිගයක් අල්ලගන්නව. වංචාවක් වෙලාද දන්නේ කොහොමද ? බෙහෙත්වල ප්‍රමිතිය බලන්නේ නැද්ද?

:       1       1

පැරකුම් Friday, 05 May 2023 07:20 PM

විපක්ෂයෙන් සෞඛ්‍ය ඇමතිකමට එන්න දගලන එක්කෙනා ආවොත් හරියට කරාවි. එයාට මේ විෂය පිලිබද හොද අත්දැකීම් තියනව.

:       0       0

Sam Saturday, 06 May 2023 07:45 AM

මංජුල මේකෙ පිටිපස්සේ ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 241 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 761 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site