(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් මෙන්ම විදේශ සංචිත පිළිබඳවද බැරෑරුම් තත්වයක් පවතින බව පිළිගන්නේ යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ගෙවිය යුතු සෑම ඩොලරයක්ම ලබන වසරේ ගෙවා නිම කරන බවද හෙතෙම ප්‍රකාශ හෙතෙම ප්‍රකාශ කළේය.
රට මේ තත්වයට වැටුණේ කොවිඩ්වලට අමතරව ඔබ තමුන්නාන්සේලා පසුගිය වසර පහේදී කටයුතු කළ විදිය නිසා බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා මේ රටේ නිෂ්පාදන වැඩි දියුණු කිරිම සඳහා ව්‍යවසායකයන් දිරි ගන්වන බවද පැවසුවේය.
විදේශ ආයෝජන ලබා ගැනීමට ලොකු බලාපොරොත්තුවක සිටින බවද විවිධ විවේචන එල්ල වන නිසා මේ කටයුත්ත ඉතා පරිස්සමින් කළ යුතු බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අප හිතන පතන ආකාරය අනුව විදේශීය ආයෝජකයන් මෙරටට නොඑන බව පැවසූ මුදල් අමාත්‍යවරයා මුදල් රටේ දීර්ඝකාලීනව රැඳෙන ආකාරයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මනින්ම ගොඩ නැංවිය හැකි ක්ෂේත්රයක් බවත් සංචාරක අමාත්‍යවරයා රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට විශාල උත්සාහයක් ගන්නා බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දරුවන්ට රටක් නැති කළා... ලක්ෂ ගණන් තරුණ තරුණියන් රට හැර යන තත්වයට පත් කරලා එයාලාගෙන් විදෙශ විනිමය එනකන් කට ඇරන් බලන් ඉන්න විතරයි දන්නේ...
ඩොලර් එකට සත්‍ය වටිනාකම ගෙවනකන් මිනිස්සු ඩොලර් එවන එක තනිකරම අඩු කරනවා. නැතිනම් මේ මිනිස්සු ඩොලර් එවන්නේ නැහැ...
ඩොලර් එකේ නියම වටිනාකම බැංකුමගින් ලබාදෙන්න. එවිට විදේශ ශ්‍රමිකයෝ බැංකුවලට මුදල් එවාවි. නමුත් ඔබලා කෘතිමව ඩොලරයේ මිල පාලනය කරන නිසා පෝසත් වෙන්නේ විදේශ විනිමය මාෆියාව... මුලින්ම ගජ මිතුරන්ගේ නිරෝධායන මාෆියාව, පොහොර මාෆියාව... දැන් අලුත්ම එක විදේශ විනිමය මාෆියාව...
ඔහෙලා ගහපු හොරමගඩි හින්දා තමයි රටට මෙහෙම වුණේ..
අපි නම් ඕක මාස ගාණකට ඉස්සරවෙලා දන්නවා. මොල 7ට දැන් තමයි තේරිලා තියෙන්නේ. මොල වැඩිවෙනකොට වැඩ ටිකක් හෙමින් වගේ..
පහුගිය වසර5 ට වඩා කියන්න බැහැ.. මොකද එතකොට එයාගේ අයියාගේ කෙරුවාවනේ අහුවෙන්නේ..!
කට්ටියත් එක්ක හොරකම් කරලා පිටරට තියෙන මුදල් ගෙනාවා නම් වැඩෙන් තරමක් හරි ගොඩයන්න තිබුණා..
සංචාරක ව්‍යාපරය මත හෝ නිමි ඇඳුම් අපනයයනය මත රඳා පවතින්න අමාරුයි .අපිට තියෙන්නේ අපේ දැනුම ඇති අය විදේශ සේවයට යොමු කිරීම .රජයේ සේවකයන්ට වසර 5 නිවාඩුව අනුමත කරන්න.ඒ ය විශාල වශයෙන් රටට මුදල් එවාවි.වගකීම්, අත්දැකීම් අරන් ඇවිත් සේවාව කාර්යක්ෂමව කරයි
ඔය ටික කියන්නද මුදල් ඇමතිකම ගත්තේ? ඕක කුඩු කාරයෝත් දන්න දෙයක්? නරකද දැන්වත් මනුස්සකමේ නාමයෙන් හොරකම් කළ මුදල් ආපසු රජයට බාර දුන්නොත්...? මොන පිස්සුද අපිත් හීන දකිනවා. අඩුම තරමේ දැන්වත් අදත්තාදානයේ නොයෙදී ඉන්න බැරිද?
ඔයගොල්ලන්ගේ පවුලයි, මේ රට පාලනය කළ ඔක්කොමයි ඕවාට වගකියන්න ඕනෑ... තමුන්ගේ අය මුල්ගල තියපු මල්වානේ බංගලාවටයි, ඒ විශාල වත්තටයි තාම අයිතිකාරයෙක් නෑ. මේ රට උලාකාපු ඔයගොල්ලෝ කොහොමද මේ රට හදන්නේ...?
ඉතින් ඔය මොල 7න් මුකුත්ම කරගන්න බැරිවුණාද ඒ සම්බන්ධයෙන්..?
ඒ නිසාද පෞද්ගලික මුදල් හුවමාරු කරන්නවුන් රුපියල් 240 දාගන්නේ? ඕනෑතරම් අපි ඩොලර් දෙන්නම් කියන්නේ...?