(අංජුල මහික වීරරත්න)
කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
දැනට කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වන බව නිරීක්ෂණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවැසූයේ සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බවයි. දැනට නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බව ද එම නිලධාරීහු සඳහන් කළහ.
කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව කොට්ටුකච්චිය ගොවිපළේ තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බව ද ඔවුහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගවයෝ ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඕක විසඳන එක එච්චර දෙයක් නෙවෙයි.
මැලේසියන් ගස්ලබු සහ ඉරිඟු ගෙනාපු කෘෂිකර්ම උගතුන් ඉන්නේ රටේ. මේ වැඩේ කොහොම කරයිද කියලා බලමු...
වැඩිය ගෙවන්න එපා... මොකද පාර්ලිමේන්තුවෙත් ඉන්නවා ඔය කියන සත්තු කීපදෙනෙක්. හම්බන්තොට, ගම්පහ, බදුල්ල, නුවර, පුත්තලමෙන් ආපු අය වගේ...
ඇයි අර 225 ඉන්නේ? ඔවුන් ටික නම් හරි නෑ..
ගන්නෝරුව පශු පර්යේෂනායතනයේ සත්ව අභිජනන අංශයක් දැනට වසර විස්සක් තිහක් විතර කාලයක් තිස්සේ පවතිනවා. මෙච්චර කාලයකටත් තවම මේ වගේ ඉහළ ඵලධාරිතාව තියෙන්නේ සතුන් බිහි නොවුණා නම් එහෙම වුනේ ඇයි කියන ඒක ඉස්සෙල්ලා හොයලා අහලා බලන්න ඕනෑ ඔය ඕඩර් දෙන්න කලින්. යහපාලන කාලේ ඕස්ට්‍රේලියාවෙන් මිලියන ගණන් රට ණය කරලා ගෙනාපු හරක් වැඩේනම් මහම මහා අපරාධයක්. එකෙන් කීප දෙනෙකුට හොඳ වාසි වුණාලු. හැබැයි වැඩේට හවුල් අය සුපිරි කට්ටියක් නිසා වගේ වංචා හොයන්නේ නැහැ. මේ රටේ ඒවා වංචා කිරීමට වරප්‍රසාද තියෙන පිරිසකගේ අයිතියක් වෙලා. ජනතාව තමයි බදු ගෙවමින් ඒ ණය ගෙවිය යුතු වන්නේ...!
ඇයි රටින් ගෙන්නන්නේ දියවන්නාවේ ඉන්න ටික මදිද?
එතකොට මහත්තයෝ, අර පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මොකද කරන්නේ...?
ඉන්න අය එච්චරටම නරකයිද ආයුබෝවන්?
දියවන්නා ගාලේ ඉන්න රටට නොගැලපෙන අම්බරුවන්ට මොකද කරන්නේ...?
ඔය කියන ජාතියේ හරක්, එලුවෝ දියවන්නාවේත් ඉන්නවා...
රටට ගැලපෙන්නේ නැති ගවයින් සහ එළුවන් 225 ක් සිටින්නේ දියවන්නාවේ "නාකි මඩමේ" පමණයි. මේ නාකි මෝඩ, අසික්කිත සත්තු 225 මසටවත් විකුණන්න නොහැකි වී ඇත්තේ මොවුන්ගේ මස් විෂ නිසයි. මිනිස්සුන්ට පමණක් නොව බල්ලෙක්වත් මොවුන්ගේ මස් කෑමෙන් වළකින්නේ ඒ විෂ නිසයි...
මොන විදියට..., හදලා ගත්තත් අපේ නායක 250ට ළංවෙන්න වත් බැරිවෙයි. ඒ තරම් ගොන්නු හරක් එලුවෝ ලෝකෙ කොහේවත් නැහැ. වුවමනාම දේ නැති වුනාට ඇඟිල්ලක් කැපුවත් මස් රාත්තලක් ගන්න පුලුවන්. ඉතින් මේ වගේ කට්ටිය ඉන්නෙ ලන්කාවේ විතරයි.
ඇයි දියවන්නාවේ ඉන්න කට්ටිය මදිද?
ඔයා නම් සිරා ඩයල් එකක් මහින්ද...!