
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය ගැන මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (23) පස්වරුවේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි.
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්‍යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ මහතා වෙත ජ්‍යෙෂ්ඨ ගුරු සම්මානය පිරිනැමීම සහ සෙසු ආචාර්යවරුන් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංගමයේ සභාපති රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.
අනතුරුව ජනාධිපතිවරයා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අධ්‍යාපන ඇමති කාලේ ඕක තේරුම් අරන් හොඳ අධ්‍යාපන ක්‍රමයක් හැදුවේ නැත්තේ මොකද ?
පන අදින වෙලාවට තව තව දැක්මවල් පහල වෙයි .කාලයක් අධ්‍යාපන ඇමති වෙලත් උන්නා නේද ?සමහර විට ලඟදි ඔලුවෙන් හිටගන්න යෝග ව්‍යායාම කරලා වෙන්න ඇති ?
එහෙම නම් ඊට ගැලපෙන පාලකයින් සහ නිලධාරීන් ඒ සදහා පත්කල යුතුයි.රාසපුත්ත වගේ පුද්ගලයෙක් නිසා දකුණු පළාත් ලංකාවෙන්ම පුතිපළ වලින් එක සේම පාලාතලයෙන් ද එක වුනා. අනික ඇස්පේන කන් ඇසෙන ආණ්ඩුකාරවරයෙක් පත් කරන්න. ඔහුට නීතිය පිළිබද අවබෝධයක් තිබෙන ස්වාධීන තරැණයින් කිහිප දෙනෙක් උපදේශකවරැ ලෙස පත් කරන්න.අධ්‍යාපනයට දේශපාලනය තරව ගන්න එපා. අම්බලන්ගොඩ නම් අධ්‍යාපනය තනිකරම දූෂිතයි.ඉතිං කොහොමද හොද අධ්‍යාපනයක් බිහිකරන්නෙ. ගන්නම දෙයක් නැහැ.අපි උදව් කරන්න ලැහැස්තියි. අපේ අදහන් පිලිගන්න. අධ්‍යාපනය වෙනක් නොකොට කිසිවක් කරන්න් බැහැ.
මේ සියළු කථා, වසර හැත්තෑ ගණනක් තිස්සේ අහපු ඥාන කථා විතරමයි. ලංකාවෙ හිටියොත් හරි හමන් අධ්‍යාපනයක් නැහැ. කොහොමින් හරි හරි හමන් උසස් අධ්‍යාපනයක් ලබා ගතහොත්, හරි හමන් රැකියාවක් නැහැ. වෙන රටක රැකියාවක් සමගින් පවුල් පිටින් ජීවත් වෙන එක විතරමයි දැනට සහ ඉදිරියටත් තියෙන එකම පිළිතුර. ලංකාවෙ පැහැදිලි අනාගතයක් තියෙන්නෙ තක්කඩි දේශපාලුවන්ටයි (226 ම), ඔවුන්ගෙ තක්කඩි හෙන්චයියන්ටයි, යම් කොටසක් වූ දුෂිත රාජ්‍ය සේවකයින්ට විතරමයි. රටේ ඉතුරුවෙලා ඉන්න අනෙකුත් අහිංසක ජනතාව, ඉහත කී ඔක්කොටම ජීවිතේ ඉතිරි ටික කඹුර, කඹුර පව් ගෙවනවා...
පස් වතාවක් අගමැති වෙලා හිටිය කාලේ නොකරපුවා දැනුයි මතක් වෙලා තියෙන්නේ ?