(නිමන්ති රණසිංහ)
පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් රජයේ දේපලවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව පොලිසියට භාරවූ අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, සමාජ ක්‍රියාකාරී රතිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’ ඇතුළු සැකකරුවන් 07 දෙනකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනගාර ගත කරනු ලැබුවේ, අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, සමාජ ක්‍රියාකාරී රතිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’, ජාතික ජනබලවේගයේ සාමාජික රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර සහ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි යන අයවලුන්ය.
මෙම සිද්ධියට අදාළව කොටුව පොලීසිය විසින් සැකකරුවන් නව දෙකනු නම්කරනු ලැබ තිබු අතර, ඔවුන්ගෙන් හත් දෙකනු ඊයේ (22) සවස මරදාන පොලීසියට ගොස් භාරවී ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙහි අනෙක් සැකකරුවන් වන ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ යන සැකකරුවන් දෙදෙනා ඊයේ (22) පොලීසියට භාරනොවු බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලවලට තහනමක් නැහැ වගේම නීතිය අතට ගන්නත් බැහැ. රාජපක්ෂලා එලෝලා ඊටත් එහායින් නීතිය ගණන් නොගන්න කොටසක් බලේට එන්න ඕනේ නැහැ. අනික රාජපක්ෂලාට කඩේ යන බයියලත් අන්තරේ හරහා ජවිපෙට පෙරටුගාමීන්ට කඩේ යන දෙගොල්ලෝම එකයි.
මට කියන්න පුළුවන් බැරි සතුටක් තියෙන්නේ... මේ අපතයන් ටික අවුරුදු 5ක්ම විතර ඇතුළට දාන්න බැරිද?