IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටට අවශ්‍ය මැද මාවතක්

(නිමල කොඩිතුවක්කු)

මැද මාවත හෙවත් සමාජ සාධාරණත්වය ස්ථාපිත කරන මිශ්‍ර ආර්ථික ක්‍රමවේදයකට රට යා යුතු බව රජයට අවධාරණය කරන්නේ යැයි යැයි විපක්ෂයේ පක්ෂ හමුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (8)පැවසීය.

පෞද්ගලික ව්‍යවසායකත්වය හා සමාජ වෙළෙඳපොළ ආර්ථිකය හරහා රට ඉදිරියට යා යුතු බවත් ඒ තුළින් රට ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

රටට පොදුවේ බලපෑම් සිදුකරන කාරණා සමබ්න්ධයෙන් පොදු එකගතාවයක් ඇතිකර ගැනීම අරමුණු කරගනිමින් පිහිටුවා ගත් විපක්ෂයේ පොදු එකමුතුවේ විධායක කමිටුව  පාර්ලිමේන්තුවේ දී ඊයේ රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

පොදුවේ ගත් කළ සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම අනුව අන්තවාදී ධනවාදය, ලුම්පන් ධනවාදය සහ ගජමිතුරු ධනවාදය ප්‍රතික්ෂේප කරන බවත් ඊට අමතරව හැමදේම කළ යුත්තේ රාජ්‍ය බවට වන හා රජය ව්‍යාපාර කළ යුතුය යන මතය වන අන්ත සමාජවාදී මතයේ ද නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව දැනට රට ඇති විකල්පය වන්නේ මැද මාවත හෙවත් තුන්වැනි මාවත බවත් ඒ විකල්පය තුළ රටක ධන උත්පාදනය සඳහා පෞද්ගලික ව්‍යවසායකත්වය, සමාජ වෙළෙඳපොළ ආර්ථිකය සහ ඉල්ලුම සැපයුම ආදී අන්ත බහුතරයක් පෞද්ගලික ව්‍යවසායකත්වට සිදු කළ හැකි නමුත් එම උත්පාදනය කළ ධනය ජන සමාජයේ බෙදා හැරීම පෞද්ගලික ව්‍යවසායකත්වයට සිදු කළ නොහැකි බවත් ඒ සඳහා සමාජ සාධාරණත්වය අනුව සම්පත් බෙදී යාමට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බවත් ඔහු පැවසීය.

සමගි ජන බලවේගය සිටින්නේ මැද මාවතේ ආර්ථීක දැක්ම තුළ බවත් එහි දී මුදල් උත්පාදනය කිරීමට රජයකට පමණක් සිදු කළ නොහැකි නිසා මානුෂීය ධනවාදයක් අවශ්‍ය බවත් එය සර්ව සාධාරණ විය යුතු බවත් ඒ තුළින් සැවොම ජය ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මහබැංකු පනත වැනි විශේෂ කරුණු ගැන කමිටු හරහා සාකච්ඡා කරන විට මේ මැද මාවත හෙවත් සමාජ සාධාරණත්වය ස්ථාපිත කරන මිශ්‍ර ආර්ථික ක්‍රමවේදයකට යා යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

මෙම සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පීරිස්, එම් . ඒ සුමන්තිරන්,  රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු එක්ව සිටියහ.



අදහස් (5)

රටට අවශ්‍ය මැද මාවතක්

මහසෙන් Monday, 08 May 2023 05:08 PM

මේ වෙන්න ජනාධිපති උතුමාණන් මේ කියලා තියෙන... දේවල් සරලව පැහැදිලි කරන්න හැකිද? මෙච්චර කල්... මෙයා කියපුවා එයා ළඟ ඉන්න අයටත් නොතේරෙන එකේ රට්ටුන්ට තේරුම් ගන්න හැකිවෙයිද?

:       1       5

සිල්වාTuesday, 09 May 2023 09:49 AM

තමුන් වගේ අය රනිල් මහත්මයාටත් කිව්වේ මේ කතාවමයි. නමුත් අද තත්වය වෙනස්.

:       0       1

යෝගා Monday, 08 May 2023 05:16 PM

මැද මාවත කියන්නේ එහෙටත් නැති, මෙහෙටත් නැති දියාරු මස්තබාල්දු තත්ත්වයක්. ඔය මාවතේ යන්න ගිහින් තමයි මේ රට හතරවන ලෝකයේ රටක් වෙලා තියෙන්නේ ...

:       1       4

santha kariyawasam Monday, 08 May 2023 06:26 PM

වලට යනකන් මවත් හොය හොයා හිටියොත් මදැයි... කරන එකෙකුටවත් කරන්න නොදී... මරු සෙවිල්ල දිගටම සොය සොයා ඉන්න රටට හෙණ ගැහුවත් නුඹලාට වැඩක් නැහැ.

:       0       0

චන්ද දායකයා Tuesday, 09 May 2023 07:26 AM

චන්දයක් ලං උනා නම් මැද මාවතේ යන විදිය බලා ගන්න පුලුවන් නිල්, කොල, රතු, ඔක්කොම .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site