(ඉන්දිකා රාමනායක)
සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
අරගල මෙහෙයවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව රැට්ටා අද පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය.
රතිදු සේනානායක නොහොත් රැට්ටා නමැත්තා ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණි.
ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන එකකයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඉකුත් මැයි මස 21 දින බැංකු මාවත ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් රැට්ටා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයේ අයිතිය බෙදාගන්න පොරකෑවා නේ ද පහුගිය දවස්වල.කෝ දැන් එන්න පෙරට ඒ අය.මේ රැට්ටා වෙනුවෙන්. දැන් ඒ එක පැට්ටෙක් නෑ මේ රැට්ටලා වෙනුවෙන්.වෙන්න අගමැති නම් හෙට උදේම බරසාර නිවේදනයක් නිකුත්කරයි.
සීනි බදු වංචාවට නේද
බොරු චෝදනා ගොනුකර අරගලකරුවන් අත් අඩංගුවට අරගෙන රනිල් වැඩ පෙන්නනවා..
රනිල්ට කැමැති නැති එක වෙනම දෙයක්... ඒත් ඔය රට්ටලා බට්ටලා එක්කලා රටක් ගෙනියන්න බැහැ. හංගපු ආයුධ පෙන්නන්න වත් එක්කලා යන්නේ නැතිද?
හැමෝම හොයන්නේ සල්ලි විතරයි..
රැට්ටව ජනපති කරමු........ දමිතව අගමති කරමු............. අපේ රටට ජය වේවා.
ප්‍රිතිමත් පුවතක්...!