(අංජුල මහික වීරරත්න)
රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපති රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන අතර මේ පක්ෂවල සිටින ජ්‍යෙෂ්ඨ අයගේ අත්දැකීම් අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂවල දැනීම තියෙන අය එකතු වී සහයෝගය දීම රට දිනවීමේ වැඩපිළිවෙලට අවශ්‍ය බවද මහින්ද අමරවීර මහතා කීය.
කළ යුත්තේ ආණ්ඩු වට්ටලා, රට විනාශ කර බලය ලබා ගැනීම නොව සර්ව පාක්ෂික රජයට එක්වී රට දිනවීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාපු අය කොහොමද රට හදන්නේ..?
බස් කොන්දොස්තරලට ඔහොම හිතෙන එක සාදාරනයි. ඉස්කොලේ ගිය නැති එක පව්
අරගල නෙමෙයි රටම අනිත් පැත්ත පෙරලුවත් වැඩක් නෑ මේ වගේ මෝඩ තකතීරුවෝ ඉන්න කොට. මහින්දට ආර්ථිකය ගැන දැනුමක් නෑ. එහෙම තිබුනනම් මෙහෙම වෙන්නේ නෑ. මහින්දට විතරක් නෙමෙයි JR, චන්ද්‍රිකා, රනිල්, මහින්ද, ගෝඨාභය, පුතානෝ මේ කට්ටියටම නෑ. පිටරටින් බඩු ගෙන්නන එක අඩුම කරන්න, සේවා සපයන (නිකමෝ බිහිකරන) ආර්ථියක් නොව නිපයුම් නිෂ්පාදන මත ගොඩ නැගුනු ආර්ථිකයකට උත්සහ කරන්න. ඒක කරන්න කැමති නෑ. කොමිස් ගහන්න තියෙන අවස්ථාව අඩු නිසා.
ඔව්. මහින්ද හොද හොද අත්දැකීම් තියන නිසා තමයි මිනිස්සු පාරට බැහැලා මිනිස්සුන්ගේ ශක්තිය පෙන්නුවෙ. තමන්ගේ පැවැත්මට මැදමුලනේ හොරුන්ගෙ හයිය ඕන නිසා මෙතන ගොන් කතා කිව්වට කිටියගෙම නිරුවත මුළු ලෝකෙටම පෙනිලා ඉවරයි.
රට බංකොළොත් කරන්නද ආපහු සැරසෙන්නේ.
කියන්න හිතෙන දේවල් කිව්වොත් දාන්න වෙන්නේ නෑ. ඒ හින්දා ඕනේ නෑ.
දෙවතාවක් විධායක ජනාධිපති වෙලා ඉඳලා, අගමැති, ඇමැති, විපක්ෂනායක ඇතුළු තනතුරු දරපු මහින්දගේ දුර්වල.., දූෂණ සහ වංචා සහිත අසාර්ථක පාලනය කරපු මහින්දගේ අත්දැකීම්ද දැන් රටට අවශ්‍යයි.. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කරනවා නම්, පක්ෂනායක මට්ටමින් එකඟතාවයකින් පත්කරන්න මිස වරප්‍රසාද දීලා ඔලුගෙඩි අරන් එහෙම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරන්න බැහැ. මෙයාත් පක්ෂ තීන්දුවකට පිටින් ඇමැතිකම ගත්තු කෙනෙක්...
මදිද ගොඩ නැගුව ගොඩ නැගිල්ල... දැන් 225ම ගෙදර යන්න.
නිතරම මහින්ද විරෝධී වෙන්න හොඳ නැහැ . මහින්ද දේශපාලන වශයෙන් තෙම්පරාදු වුන කෙනෙක් . ඒ අත්දැකීම් අවශ්‍ය යි. නමුත් මහින්ද වටා හිටි කම්බ හොරුන් ටික එලවනකම් ඒක හරියන්නේ නැහැ .
මහින්දගේ අත්දැකිමි වල පල විපාක දැන් පේනවා. මුන් ඔක්කොම අයේත් හොර කල්ලිය සෙටි කරගන්න හදන්නේ.
අනුරගේ අත්දැකීම් වැඩක් නැද්ද? ඒ අත්කීදැම්වලින් අරගලයක්වත් කොරන්න බැහැ කියලා තේරුම් ගන්න ඇති.
නැතුව නැතුව... ගෙන්දගම් පොළවේ ඉපදුණු කවුරුවත් අහලා තිබුණේ නැහැ .. සාමූහිකව බේරෙ වැවේ නාපු විත්තිය.. ඊළඟපාර මෙයාවත් ඇතුළුව නාවලා පෙන්නන්නකෝ..!
වසර ගණනක් රට පාලනය කළ මහින්ද රට බංකොළොත් කරපු අත්දැකීම්ද ඕනෑ?
මොලේ හොද නැද්ද? මේ රටට මෙච්චර වෙලත් මේ අයට රාජපක්ෂ හොරු නැතුව මොකුත් කරගන්න බෑ.
මහින්දගේ සහ පවුලේ මිනිස්සුන්ගේ හොරකම් කරන්න තිබෙන දක්ෂතාවය වැඩි නිසා තමයි අද පෝලිම්වල දුක් විඳින්නේ?
මොලේ උඩද ඉන්නේ..? මහින්දගේ අත්දැකීම් හොඳයි දූෂිත දේශපාලුවන්ට... මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරලා, දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය බලලෝභී, බඩගෝස්තරවාදීන්ගෙන් මොකද්ද ඇති ඵලේ? රටම වලපල්ලට ඇදලා දැම්මා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. ආසියාවේ ආශ්චර්යය පෙන්වන්න ඇවිත් කරපු විනාශය හොඳටම ඇති...
වද නොදී මහින්දවත් අරන් ගෙදර යන්න.. අපිට හරියට කන්න බොන්න නැහැ... පෝලිම්වල දුක් විඳිනවා. මේ ගොල්ලන් විකාර කියන්නේ...!
මහින්දගේ අත්දැකීම් කොච්චර තියෙනවාද? බොරුව, කපටිකම්, කෛරාටික කම්, බල තණ්හාව, ගේම්ගැහිලි, හොරකම්, වංචා, දූෂණ, ඝාතන, අතුරුදහන්, පවුලේ හතර වරිගයම ඉන්න අය කිට්ටු කරගෙන හොරාකන්න ඉඩදීලා බලන් හිටපු එක, අපේ රටේ නූපන් දරුවන් පවා ලෝකයටම ණයකාරයින් කරපු එක. රට බංකොළොත් වෙනතැනට වැඩ සිද්ධ කරපු එක.. දූෂිත දේශපාලුවන්ට නම් ඕනෑතරම් අත්දැකීම් ගන්න බැරියෑ?
එයාගෙන් ගන්න පුළුවන් කොමිස් ගහන්නේ කොහොමද කියලා වෙන්න ඇති...!
සරම ඇඳල මේස් සපත්තු දාල, පලංචිගහල කෙලිං කරගෙන ඔය එහෙමෙහෙ ඇදගෙන යන්නෙ අත්දැකීම් ගන්න වෙන්න ඇති. තමුන්නාන්සෙටත් පාරෙ බැහැල ගිහිල්ල ඇති වෙලාද ඔහොම කතා කියන්නෙ?
මේ මනුස්සයා අනුරගේ අත්දැකීම් ප්‍රයෝජනය ගන්නේ නැතුව මොකට මහින්දගේ අත්දැකීම් ප්‍රයෝජනය ගන්න යනවද නේද? මහින්දගේ අත්දැකීම්වලින් අරගලයට වෙච්ච සන්තැසිය දැක්කනේ. අරගල කාරයෝ දන්නෙම නැතුව අරගලය හෝදලා දැම්ම.
අනේ නැතුවට කමක් නැහැ .