(ගයාන් සූරිය ආරච්චි)

එංගලන්තයට වීසා ලබා දෙන බව පවසා සිසුන් 21 දෙනෙකුගෙන්  තුන් කෝටි පනස් අට ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළ බව කියන පානදුර ප්‍රදේශයේ ආයතනයක අධ්‍යක්ෂවරයකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වැකඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු එම සිසුන්ට වීසා බලපත්‍ර ලබා නොදී මුදල් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.