(අංජුල මහික වීරරත්න)
රටේ කිසිදු සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව ගොවීන්ගෙන් හොඳ මිලකට වී මිලදී ගන්නටත් එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ලබා දෙන්නටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය මගින් හෙට (1) සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරන බවද කීය.
"යල කන්නයේ හෙක්ටයාර ලක්ෂ 5 කට වඩා ප්‍රමාණයක් වී වගා කොට තිබෙනවා. එයින් මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක අස්වැන්නක් අප බලාපොරොත්තු වෙනවා. එයින් සහල් මෙට්‍රික් ටොන් 1462500ක් ලබාගත හැකියි. එවිට අගෝස්තුවේ සිට ඉදිරි මාස හයක් සඳහා අවශ්‍ය සහල් අප සතුව තිබෙනවා.
ඊට අමතරව දැනටත් මාස එකහමාරක් සඳහා අවශ්‍ය සහල් අප සතුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බවත් මාස හත අටක් සඳහා අවශ්‍ය සහල් තොග අප සතුව තිබෙන බව කිව යුතුයි"යනුවෙන්ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ජාතික විරයෙක් හීනෙන් ඇහැරලා
හිඟයක් පෙන්වා හාල් මිල වැඩි කරනවානෙ. අපි දේශීය සහල් නිෂ්පාදකයින් පොහොසත් කිරීම තව කොපමණ කාලයක් කල යුතුද! .....
සත පහක වැඩක් නැ
අපිටත් පුළුවන් රටින් ගෙනැල්ලා කොමිස් අරන් ඔයවැඩේ කරන්න, අපිට තියෙන ප්‍රශ්නේ එක දේකට ඇමැතිලා 2 ක්, 3 ක් ඉන්නවා. හැබැයි රටින් හාල්, පොල් ගේනවා. කොතනක හරි වැරැදීමක් වෙලා තියෙනවා..
වාසි වැඩි වුණාට කෝච්චියේ යනවා වගේ ලේසි නෑ නේද රට කරන එක?
හිඟයක් ඇති නොවෙනවා නම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සහල් මිල වැඩිවෙනවා...
මේ අය කියන කතා හොඳයි බල්ලට දාන්න. සතේ අතේ නැතිව ඇවිල්ලා කෝටි ගණන් හම්බ කෙරුවා.
ඇතුළු සහල් මාෆියාකාරයින් ටික ආයුධ පෙන්නන්න එක්ක ගියා නම් ඔය ප්‍රශ්නය විසඳෙනවා.