
(සුජිත් හේවාජුලිගේ)
අයථා ආකාරයට විදෙස් සංචාරවල යෙදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් නාස්ති කළේ යැයි කියන රජයේ ආයතනවල හිටපු ප්‍රධානීන් දස දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ පිරිසට පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකුද සංස්ථා හිටපු සභාපතිවරුන් සිවු දෙනෙකුද ඇතුළත් වන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේ මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයෙන් (Foreign Relation and Protocol) මුදල් සීමාවකින් තොරව භාවිතා කර ඇතැයි විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම විගණන විමර්ශනය ආරම්භවී ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ දැනුම් දීමක් අනුවය.
හිටපු ප්‍රධානියා ජාත්‍යන්තර සංවිධාන සංවිධාන කරන වැඩ මුළු වෙනුවෙන් ආරාධනා පත්‍ර තමා මැදිහත් වී ගෙන්වාගෙන මෙලෙස හිතු හිතු පරිදි විදේශ සංචාරවල යෙදී ඇතැයි තොරතුරු හෙළි වී ඇත.
එසේම මෙම ප්‍රධානියා පාර්ලිමේන්තුවේ වාහන අවභාවිතා කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද විමර්ශන අංශ කරුණු සොයා බලාගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම් අලුතින් තාවකාලික ගොඩනැගිල්ලක් වැලිකඩ ඉදිකළ යුතුයි. මොකද මේ තරම් ඉන්න පටන් ගත්තාම එතන ඉන්න අයටත් පාඩුවේ ඉන්න බෑ.
එයාලා වැරදියි නම් අර තමුන්ගේ නිල රථය නෝනාගේ පාවිච්චියට දීලා අනතුරක් කරලා පොදු දේපලට හානි කරපු උන්දෑවත් ගන්නකෝ...? රටම බලන් ඉන්නවා ඒ දිහා.
රටකාපු සියල්ලන්ටම බඩේ අමාරුව හැදෙන්න වැඩ සිද්ධ වේවා!
ඔන්න තියෙනවා නිර්ප්‍රභූවරුන්ට ආයෙම අවස්ථාවක් උසාවිය ඉදිරිපිට කෑගහන්න වතුර බෝතල විසි කරන්න. අඩුම ගානේ තමන් මේ දුක් විඳින්නෙ දරුවන්ට සලකන්න බැරි ඇයි කියලා මේ ගවයන්ට කවදා වැටහෙයිද?
ඔන්න උඹල කාලකණ්ණි දුප්පත් වෙලා තියෙන එකට හේතු, මේවත් හරිය කියපල්ල, රටේ මිනීමරු සංස්කෘතියක් ඇතිවෙලා කියපල්ල, ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි කියපල්ල.
මහින්ද රාජපක්ෂ සියයක් පමණ පිරිසක් සමග වරක් මිලානෝ නගරයට පැමිණියා ශ්‍රී ලංකන් ගුවන් යානයක් පුද්ගලිකව වෙන්කරගෙන. මෙම ඒ330 යානය තෙදිනක් මිලානෝ-මල්පෙන්සා ගුවන්තොටුපොලේ ගාල් කර තිබුණා. සියල්ල නැවතුනේ මිලානෝහි මිල අධිකතම හෝටලයක් වන සැවෝයියා රජකුමරියගේ හෝටලයෙයි. ශිරන්තිගේ ප්‍රධාන පරිවාර නිලධාරියා ලෙස පැමිණුනේ මහනුවර අම්පිටියේ හාදයෙක්. මිලානෝහී ලෝක ප්‍රසිද්ධ කොන්සර්වතෝරියෝ ඔපෙරා ගායන පාසල පිටුපස සිටින ඔහුගේ මස්සිනා ඔහුට සහ මිලානෝහී මහනුවර ධර්මරාජයන් කීපදෙනෙකුට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූවා. එහිදී මෙම පරිවාර නිළධාරියාට මහින්දගෙන් නිතර දුරකථන ඇමතුම් ලැබුණා. රහස් අංකයකින් හදුන්වා ගන්නා මොහුට මහින්ද අවවාද දුන්නේම පසුවදා මැඩම්ව කැමරාවලට හසු නොවී පරිස්සමින් මිලානෝ සුප්‍රසිද්ධ ඩිසයිනර් ෂොපිං ගෙනියන විධියයි. යෝෂිත සමඟ නාවික හමුදාවේ එකට හිටපු මෙම ඇගේ ප්‍රධාන පරිවාරක නිළධාරියාට ඇය දරුවෙකුට මෙන් සළකන බවත් ඔහුට ලෙඩක් හැදුනත් ශිරන්ති චොපර් එකක නැගී අම්පිටියට ඔහුව බලන්න එන බවත් ඔහු එදා පම්පෝරි ගැසුවා. මේ චොපර් අවභාවිතාව මෙන්ම ශ්‍රී ලංකන් ගුවන්යානා අවභාවිතාව ගැනද සොයා බලන්න.
මේවා එන්.පි.පි ආණ්ඩුවක් පත්වුණ හින්දා එළියට එන්නේ නැත්නම්....